වසරේ මේ දක්වා වෙඩි තැබීම් 76යි – මරණ 41ක් සහ තුවාලකරුවන් 43 යි !

වසරේ මේ දක්වා වෙඩි තැබීම් 76යි – මරණ 41ක් සහ තුවාලකරුවන් 43 යි !

මෙම වසරේ (2025) මේ දක්වා දිවයින පුරා වෙඩි තැබීමේ සිදුවීම් 76ක් වාර්තා වී ඇති බවට තොරතුරු අනාවරණය වේ.

මෙම සංඛ්‍යාලේඛන, අද ( 03) උදෑසන මාතර, කපුගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමත් සමඟ යාවත්කාලීන වී තිබේ.

එසේ සිදු කළ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 41 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති අතර, තවත් 43 දෙනෙකු තුවාල ලබා ඇත. සිද්ධීන් සම්බන්ධයෙන් පොලීසිය සහ අනෙකුත් ආරක්ෂක අංශ විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.

කෙසේවෙතත් සමාජ මාධ්‍ය තුළ ප්‍රශ්න කෙරෙන්නේ ජාතික ජන බලය ආණ්ඩුව විපක්ෂයේ සිටිය සමයේදී විශ්‍රාමික මේජර් අරුණ ජයසේකර මහතා පාතාලය ඇතුළු ජාවාරම් පොහොය දෙකක් වැනි කාලයක් තුළ අවසන් කරන බවට ලබාදුන් පොරොන්දුවටම කුමක් වීද යන්නයි.

බොහෝ දෙනකුගේ මතය වී ඇත්තේ එය මැතිවරණය ඉලක්ක කරමින් සිදුකළ ප්‍රකාශයක් බවයි.

Search