මට නඩු දැම්මේ රනිල්-මෛත්‍රී..මම ඒ අයත් එක්ක කිසිම තරහක් නෑ --නාමල් කියයි

මට නඩු දැම්මේ රනිල්-මෛත්‍රී..මම ඒ අයත් එක්ක කිසිම තරහක් නෑ --නාමල් කියයි

තමන්ට ඇති නඩු­ව­ලින් සිය­යට සිය­යක් දමා ඇත්තේ, මෛත්‍රී­පාල සිරි­සේන, රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්ව­රුන් නාය­ක­ත්වය දුන් යහ­පා­ලන ආණ්ඩු­වෙන් බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක, පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා පැවැ­සීය.

 එහෙත් තමන් ඒ කිසිවෙකුට වෛර නොකරන බවත් දේශපාලන නඩුවලට දේශපාලනිකව මුහුණ දෙන බවත් හෙතෙම කීවේය.. අපි මේ රටේ පුරවැසියන් විදියට ඕනෑම කෙනෙකු ඇසුරු කරනවා දේශපාලනික වශයෙන් විරුද්ධ මත තිබෙන තිබෙන්නත් පුළුවන් අපිව හිරේ දාන්න කටයුතු කරන අය වෙන්න පුළුවන් අපි ඒ අයට වෛර කරන්නේත් නැහැ. එහෙම කරානම් රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්ක ආණ්ඩුවක් හදන්න වෙන්නෙත් නැහැ. සිරිසේන ජනාධිපතිවරයා එක්ක දේශපාලනය කරන්න වෙන්නෙත් නැහැ. හිතේ කහටක් නැහැ. දේශපාලනිකව අපි ඒවට මුහුණ දෙනවා දේශපාලනික නඩුවලට දේශපාලනික මුහුණ දෙනවා මිසක් ඒවාට වෛර වෛරයෙන් මුහුණ දෙන්නේ නැහැ පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා පැවැ­සීය.

Search