එදා මැතිවරණ වේදිකාවේ මොනව කිව්වත් අද බඩු මිළ අඩුකරන්න බෑ -ඇමති ටී. බී සරත් කියයි

එදා මැතිවරණ වේදිකාවේ මොනව කිව්වත් අද බඩු මිළ අඩුකරන්න බෑ -ඇමති ටී. බී සරත් කියයි

VAT බදු අඩු කිරීමට සහා භාණ්ඩ මිල අඩු කරන ලෙස ඉල්ලුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ තවත් වසර තුනක් සිටින බැවින් එම කාලය තුළ එය සිදුකළ නොහැකි බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී සරත් පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් 2028 ඉවත් වීමට ඇති නමුත් මෙරට භාණ්ඩාගාරය පෝසත්කර 2027 වන විට එම වැඩසටහනින් ඉවත් වෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය .

එහිදී වැට් බද්ද ද අඩු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

ජන හමුවක් අමතමින් නියෝජ්‍ය ඇමති ටී.බී සරත් මේ බව සඳහන් කළ අතර වැඩිදුරටත් මෙසේද පැවසීය .

අපි බලයට එනකොට ශ්‍රී ලංකාවේ කිව්වහම කවුරුත් විදේශිකයින් ගණන් ගන්නේ නෑ. අර බංකොලොත් රටනේද? අපෙන් ගත්ත ණය ගෙවපු නැති රට නේද ? කියලා අහන්නේ. එහෙම තිබුණ රටක් අද ලෝකයේ වාසනාවන්ත රටක් බවට පත්වෙලා තියෙනවා. ඊයේ පෙරේදා ලෝකයේ තියෙන දූපත් රාජ්‍යයන්ගෙන් ලස්සනම රට කියලා ශ්‍රීලංකාව නම් කලා.

Search