ඝාතනය කර පෝර උරයක දැමූ මළ සිරුරක් හමුවේ

ඝාතනය කර පෝර උරයක දැමූ මළ සිරුරක් හමුවේ

කලවාන සහ මතුගම අතර ප්‍රධාන මාර්ගයේ, අම්බලම හේන ප්‍රදේශයේ පිහිටි අම්බලම හේන දොළේ තිබී නාඳුනන මළ සිරුරක් සොයා ගෙන ඇත.

මෙම සොයා ගැනීම සිදු කරන ලද්දේ පොලීසියට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුවයි.

පොලිස් වාර්තා වලට අනුව, මියගිය පුද්ගලයාගේ සිරුරේ පහළ කොටස පෝර උරයක බහා තිබී ඇත.

පොලීසිය සැක කරන්නේ මෙම පුද්ගලයා ඝාතනය කිරීමෙන් පසු මළ සිරුර මෙම ස්ථානයට ගෙනවිත් දින තුනකට පමණ පෙර දමා ඇති බවයි.

 

මළ සිරුර දැඩි ලෙස ඉදිමී ඇති අතර, ශරීරයේ පැහැය වෙනස් වී ඇති බැවින් එය හඳුනා ගැනීම මේ වන විට අසීරු වී ඇත.

පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

Search