කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පිවිසුම් සහ ගේට්ටු පද්ධතිය වෙනස් කිරීම තුළින් රුපියල් කෝටි 5කට අධික රජයේ මුදල් නාස්තියක් සිදුවිය හැකි බවට චෝදනා කරමින් වරාය වෘත්තීය සමිති නායක ශ්‍යාමල් සුමනරත්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම වෙනස් කිරීම් පෞද්ගලික පර්යන්තවලට වාසි සැලසීම සඳහා සිදු කරන බව පැමිණිල්ලේ සඳහන් වේ.
2021 වසරේදී නැගෙනහිර පර්යන්තයේ පවත්නා ගේට්ටු සහ පිවිසුම් පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කර තිබුණද, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු පෞද්ගලික පර්යන්තවලට වාසි වන ආකාරයට මෙම මාර්ග සැලැස්ම වෙනස් කිරීමට කටයුතු කර ඇති බව පැමිණිල්ලේ දැක්වේ.
මේ පිළිබඳව වරාය වෘත්තීය සමිති සන්ධානය විරෝධය පළ කිරීමෙන් අනතුරුව, වරාය භාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද මෙහෙයුම් කමිටුවක් විසින් ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක සැලැස්ම දැනට ඉදිකර ඇති ගේට්ටු පද්ධතිය බවට පෙන්වා දී තිබේ.
සුමනරත්න මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, කරුණු 10ක් යටතේ ඉදිරිපත් කරන ලද මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා, දූෂණ සහ අල්ලස් චෝදනා යටතේ වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බවයි
පෞද්ගලික ජැටි වලට වාසි වෙන්න කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පිවිසුම් වෙනස් කරයි ! අල්ලස් කොමිසමට පැමිණිල්ලක් !
