පුංචි ආණ්ඩු වල පුටු 56ක් තවමත් හිස්

පුංචි ආණ්ඩු වල පුටු 56ක් තවමත් හිස්

පළාත් පාලන ආයතන පිහිටුවා මාස තුනකට ආසන්න කාලයක් ගතව ඇතත් එම ආයතන වලට නම්කර එවිය යුතු සභිකයින් 39 දෙනෙක් දේශපාලන පක්ෂ විසින් තවමත් නම් කර එවා නැතැයි මැතිවරණ කොමිෂම කියයි.. විපක්ෂයේ පක්ෂ විසින් නම් කර එවිය යුතු නම් මෙසේ තවමත් එවා නැතැයි මැතිවරණ කොමිෂමේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

 අදාළ පක්‍ෂ විසින් එවිය යුතු එම පක්‍ෂයේ සභික නම් තිස් අටක් මේ වනතුරුත් තෝරා එවා නැති බවත් දිස්ත්‍රික් විසි දෙකෙන් පළාත් පාලන ආයතන වල මෙම සභිකයින් විසිරී ඇති බවත් හෙතෙම සඳහන් කළේය..

Search