හදවත් සැත්කම් සිදු කිරීමේදී අත්‍යවශ්‍ය පැපවරින් එන්නත දිවයිනේ කිසිදු රෝහලක නොමැති බව හෘද උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍යවරු පවසති. මේ නිසා සැත්කම් සිදු කිරීමේදී බරපතළ ගැටලුවකට මුහුණ දී සිටින බව ඔවුහු පෙන්වා දෙති.
පැපවරින් එන්නට රෝගීන්ට එන්නත් කරනු ලබන්නේ හදවත් සැත්කම් කිරීමෙන් පසු රෝගියාගේ රුධිරය අවශ්‍ය මට්ටමට පවත්වාගෙන යාමටය.....
නමුත් මේ වන විට කිසිදු රෝහලක මෙම පැපවරින් එන්නට නොමැති වීම නිසා හෘද සැත්කම් සිදුකිරීමෙන් පසු එම රෝගීන්ගේ ශරීරයේ රුධිරය ගලාගෙන යාම පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත මෙම තත්ත්වය මත හෘද සැත්කම් නවතින බව විශේෂඥ වෛද්‍යවරු පවසති