තැපැල් වෘත්තීය සමිති, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇති අතර, මේ වන විට එම ස්ථානයට කැරලි මර්දන කණ්ඩායම් කැඳවා ඇත.
එම ප්‍රදේශය වටා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත. ලංකා ගුරු සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය ඇතුළු ව෧ත්තීය සමිති කිහිපයක නියෝජිතයින් ද මෙම සත්‍යග්‍රහයට එක්ව ඇති බව අප “ගගන” වාර්තාකරු පැවසීය.
අද (22) පෙරවරුවේ ආරම්භ කළ මෙම සත්‍යග්‍රහය පසුව අවසන් කිරීමට තැපැල් වර්ජකයින් කටයුතු කළහ. ප්‍රධාන ඉල්ලීම් 19ක් මත පදනම්ව, පසුගිය 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අද 5 වැනි දිනටත් ක්‍රියාත්මක වන අතර, මෙම වර්ජනය හේතුවෙන් තැපැල් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇත.
මේ අතර, සමස්ත ලංකා උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රවීන්ද්‍ර අමරජීව මහතා පැවසුවේ, ජනතාවට අපහසුතාවයක් නොවන පරිදි වර්ජනය අවසන් කරන ලෙස අනෙකුත් තැපැල් වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බවයි.
අද දින සේවයට වාර්තා නොකරන සියලු තැපැල් සේවකයින් තනතුර අතහැර ගියා සේ සලකන බවත්, එවැනි සේවකයින්ට මෙම මස වැටුප් නොගෙවීමට තීරණය කර ඇති බවත් තැපැල්පති රුවන් සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
එසේම, පසුගිය 17 වැනිදා සිට සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින්, විධිමත් නිවාඩු අනුමැතියකින් තොරව සේවයට වාර්තා නොකරන සේවකයින්ට මාසික වැටුප ගෙවීමෙන් වළකින බව තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව, මාසික වැටුප ලබා ගැනීමට අවශ්‍ය නම්, වර්ජනයේ නිරත සියලු තැපැල් සේවකයින් වහාම සේවයට වාර්තා කරන ලෙස තැපැල්පති රුවන් සත්කුමාර මහතා ඉල්ලා සිටී