අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.
ඒ මහතාව රැගෙන ඒමත් සමඟ අධිකරණ භූමියේ ආරක්ෂාව දැඩි කර ඇතැයි වාර්තා වේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දීය.
නාමල් රාජපක්ෂ ඇතුළු විපක්ෂයේ දේශපානඥයින් පිරිසක් අධිකරණ භූමියට පැමිණ සිටියහ