අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට තමා වෙනුවෙන් ඔන්ලයින් හරහා පෙනීසිටි සියලුම දෙනාට ස්තුතිය ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (01දා) පැවසීය.
අටවැනි විධායක ජනාධිපති ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම විශේෂ ප්‍රකාශය කළේ ඊයේ සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටීමෙනි.
හිටපු ජනාධිපතිවරයා ඉතා කෙටියෙන් සිය ස්තුතිය ප්‍රකාශ කළ අතර “පසුව අවස්ථාවක මම ඔබ මුණගැසීමට බලාපොරොත්තු වෙමි. යළිත් ඔබ සැමට ස්තුතියි! යනුවෙන් කියා සිටියේය.