ශ්‍රීලනිප 74 වැනි සංවත්සරය අද

ශ්‍රීලනිප 74 වැනි සංවත්සරය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වැනි සංවත්සර උත්සවය අද (02 දා) සවස 2.00ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වේ.

පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සංවත්සරයට ශ්‍රීල.නි.ප.යේ හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට සහ මෛත්‍රීපාල සිරිසේන මහතාට ද ආරාධනා කර තිබෙන බව පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ‘දිවයින’ට පැවැසීය.

ඊට අමතරව විපක්ෂයේ ප්‍රධාන පක්ෂවල නායකයන්ට ද සංවත්සර උත්සවය සඳහා සහභාගි වෙන ලෙස ආරාධනා කර ඇතැයි මහ ලේකම්වරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති නායකයන් හා ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් එම අවස්ථාවට සහභාගි වීමට නියමිත බවද මහ ලේකම්වරයා පවසයි

Search