එජාප සමුළුව කල් දමයි…

එජාප සමුළුව කල් දමයි…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින්, එළඹෙන සෙනසුරාදා (06) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරය කල් දැමීමට පක්ෂයේ කළමනාකරණ කමිටුව අද (02) තීරණය කළේය.

මෙම තීරණය ගනු ලැබුවේ, කොළඹදී පැවති කළමනාකරණ කමිටු රැස්වීමකදී බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය තහවුරු කළාය.

කල් දමන ලද මෙම සංවත්සර උත්සවය මේ මාසය තුළම වෙනත් දිනයකදී පැවැත්වීමට කටයුතු කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Search