කල් දමන ලද එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර උත්සවය මෙම මස (සැප්තැම්බර් ) 21 වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට එම පක්‍ෂය අද තීරණය කළේය.
මෙම සංවත්සර උත්සවය ලබන සෙනසුරාදා ( 06) පැවැත්වීමට මීට ඉහතදී තීරණය කර තිබුණද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ද සැලකිල්ලට ගෙන එය කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණය කරනු ලැබීය.
මෙම සංවත්සරය සඳහා සහභාගී වන ලෙස විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂවල නායකයින්ට හා ක්‍රියාකාරීන්ට ආරාධනා කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවාය.
එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය පෙර වසර වලදී සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත් වුවද මෙවර එම සංවත්සරයට වෙනත් පක්ෂ නායකයින් හා ක්‍රියාකාරීන් සහභාගි වන නිසා එය කොළඹ ප්‍රදර්ශන හා ම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ