මරදාන පොලිස් වසමේ පංචිකාවත්ත ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් ඇති බවට ලද තොරතුරක් මත මරදාන පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.
තුවාලකරු වයස අවුරුදු 44 ක් වන පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මෙම වෙඩි තැබීම්ද සමග මෙම වසරේ වෙඩි තැබීම් ගණන 92 දක්වා ඉහල යයි