මීගමුවේත්,මිහින්තලේත් පානදුරත් වෙඩි තියයි.. අද වෙඩි තැබීම් හතරයි..

මීගමුවේත්,මිහින්තලේත් පානදුරත් වෙඩි තියයි.. අද වෙඩි තැබීම් හතරයි..

මිහින්තලේ, කුට්ටුදූව ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර ගනිමින්, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.


මෙම සිදුවීමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බව පොලිසිය තහවුරු කරයි.

මුදල් සම්බන්ධ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුවන්නට ඇතැයි පොලිසිය වැඩිදුරටත් සැක කරයි.

මේ අතර අද පෙරවරුවේ පානදුරල අලුබෝමුල්ල සඳගලවත්ත ප්‍රදේශයේ වෙළෙඳසැලකට වෙඩිතැබීමක් සිදු කර ඇත.

පොලිසිය පවසන්නේ නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මිලිමීටර 9 වර්ගයේ පිත්තෝල ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

ඒ අවස්ථාවේ කාන්තාවක් එහි සිට ඇති අතර වෙඩිල්ල වැදී ඇත්තේ ශීතකරණයකටයි

Search