අත්අඩංගුවේ පසුවන අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පත්මේ ගේ උපදෙස් මත අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය කිලෝ 50,000 කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි බවට චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර උතුර පොලිස් කොට්ඨාසය විසින් මිද්දෙණිය තලාව ප්‍රදේශයේදී 06 දහවල් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී පියල් මනම්පේරී නැමැති අය බව පොලිසිය පවසයි.
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා මෙම රසායන ද්‍රව්‍ය කිලෝ 50.000 ක ප්‍රමාණය ට්‍රක් රථයකින් මිද්දෙණිය ප්‍රදේශයට ගෙනැවිත් ඉඩමක වළදමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මෙම රසායන ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා සහයෝගය දැක්වූ බව කියන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ
සහෝදරයාද එම කටයුත්තට සම්බන්ධ බවට පොලිසියට ලැබී තිබෙන තොරතුරු මත ඔහුද අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පසුගියදා කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සමඟ අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ තොරතුරු මත මෙම අමුද්‍රව්‍ය සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.