කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය සහ අන්තර් පාර්ලිමේන්තු සංගමය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කර ඇත.
ඒ අනුව ආණ්ඩු පක්ෂයට දක්වන පක්ෂග්‍රාහීත්වය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කිරීම, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග නොතකා කටයුතු කිරීම, විපක්ෂනායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ නොදී අවහිර කිරීම, ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කිරීම, පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට සිදු කරන බාධා ආදී චෝදනා රැසක් ඉදිරිපත් කරමින් අදාළ පැමිණිල්ල සිදු කිරීමට නියමිතය.
වත්මන් කථානායක විපක්ෂයට එරෙහිව මර්දනකාරී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරනු ලබන බවට විපක්ෂයේ පක්ෂ නායකයන් අවස්ථා ගණනාවකදී සාකච්ඡා කර ඇති අතර ඉන් පසුව මෙම තීරණයට එළඹි බව විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය.
ඒ අනුව අදාළ ලිඛිත පැමිණිලි මේ වන විට සකසමින් පවතින අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ළඟදීම මෙම පැමිණිලි රැගෙන එක්සත් රාජධානියේ පිහිටි පොදු රාජ්‍ය පාර්ලිමේන්තු සංගමය වෙත සහ ජිනීවා හි පවතින අන්තර් පාර්ලිමේන්තු සංගමය වෙත ගොස් එහි ලේකම්වරුන් වෙත භාර දෙන බව ද ඉහත ප්‍රකාශකයා කියා සිටියේය