වෛද්‍ය සැපයුම් අංශයට තත්ත්වයෙන් අසමත් හා හානි වූ ඖෂධ සපයා තිබීම වෙනුවෙන් දරනු ලැබූ පිරිවැය මෙන්ම ඒ සඳහා පරිපාලන ගාස්තු, තොග විනාශ කිරීමේ වියදම් සමග රුපියල් මිලියන 2,996.65ක මුදලක් ඖෂධ සැපයුම්කරුවන්ගෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයවීමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම වර්ෂයේ මාර්තු මස 31 දින වන විටත් මෙකී මුදල ඖෂධ සැපයුම්කරුවන්ගෙන් අය කර ගැනීමට නොහැකි වී තිබුණි. අසාදු ලේඛනගත ඖෂධ සැපයුම්කරුවන්ගෙන් අය කර ගැනීමට ඇති මුදල රුපියල් මිලියන 1,651.98කි. 2025 වර්ෂයේ මාර්තු මස 31 වැනිදා වන විටත් අවසාන සිහිකැඳවීමේ ලිපි යොමුකොට ඇති සැපයුම්කරුවන්ගේ අයකරගත යුතු මුදල රුපියල් මිලියන 279.45කි. එම මුදල් අයකර ගැනීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. අයකර නොගෙන ඇති මුදල් ඖෂධ සැපයුම්කරුවන්ගෙන් අය කර ගැනීම සඳහා කඩිනම් හා කාර්යක්ෂම ක්‍රියාමාර්ග අනුගමනය කළයුතු බැව් විගණනය මගින් නිර්දේශ කර ඇත