නිදහසින් පසු කිසිදු පක්ෂයක් යෞවන සමාජ දේශපාලනීකරණය නොකළත් වත්මන් රජය බලයට පත්වූ පසු යෞවන සමාජ, සිවිල් ආරක්ෂක කමිටු, ගොවි සමිති ඇතුළු සියලුම සමිති දේශපාලනීකරණය කර ඇති බවත් අවසානයේ දායක සභාවත් දේශපාලනීකරණය කිරිමට මේ රජය කටයුතු කළ හැකි බවත් මොවුන් උත්සාහ කරන්නේ එක පක්ෂයක් පමණක් රට පාලනය කරන රාජ්‍යයක් නිර්මාණය කිරීම බවත් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකට විසි කර කුලගණ සමිතියේ සිට ගොවි සමිතිය දක්වා මොවුන්ගේ බලය ව්‍යාප්ත කර බලාධිකාරියට නතු කර ජනතා විමුක්ති පෙරමුණෙන් කියන දේ පමණක් ක්‍රියාත්මක වන ක්‍රමවේදය රටේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ආණමඩුව මහකුබුක්කඩවල ප්‍රදේශයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සදහා එක්වෙමිනි.*
වත්මන් රජය මැතිවරණ සමයේදී බලය ලැබුණු පසු එක පෑන් පාරින් රටේ ප්‍රශ්න විසදනවා කිව්වත් අද වන විට කිසිදු ප්‍රශ්නයකට විසඳුම් ලබා දීමට නොහැකි වී ඇති බවත් වන ජීවි ගැටලු,ු අලි මිනිස් ගැටලු, පාරිසරික ගැටලු ගැන රජයට කිසිදු අවබෝධයක් නොමැති බවත් ඊට අමතරව ජනතාවට අහිතකර අයිඑම්එෆ් ගිවිසුම වෙනස් කර ජනතවාදී අයිඑම්එෆ් ගිවිසුමක් කරා යනවා කිව්වත් බලයට පැමිණි පසු හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ අයිඑම්එෆ් ගිවිසුම පිළිගෙන එම ගිවිසුමේ තිබූ අසහනය පීඩනය ජනතාව කරපිට දැමූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස මේක නොවේ*
ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස මෙය නොවන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර යොවුන් පරපුරට මුල් තැන දෙනවා කියූ වත්මන් රජය දැන් ප්‍රජාතන්ත්‍රවාදය හකුලා මූලික හා මානව අයිතිය උල්ලංඝනය කරන බවත් මේවා යුක්ති සහගත සාධාරණ නොවන බවත් දෙනවා කිව්ව පොහොර සහනාධාරය පවා ලැබෙන්නේ ගොවිතැන අවසන් කර මාස 3කට පසුව බවත් මේ ආකාරයට නම් ගොවිතැන කළ නොහැකි බවට ගොවියා පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*අද සහතික මිලක් නෑ*
කෘෂි උපකරණ, බීජ, පොහොර මිල ඉහල බවත් අලි මිනිස් ගැටුම වගා හානි ඇතුළු ප්‍රශ්න මැද ගොවිතැන කළත් අස්වැන්නට ස්ථාවර මිලක් නොමැති බවත් තෙත වී රු. 90ටත් 14%ක තෙතමනය සහිත වී සදහා රු. 120ක් නැති බවත් එදා විපක්ෂයේ සිටි වත්මන් රජයේ මැති ඇමතිවරු කුඹුරුට බැස ගොයම් කකා කිව්වේ වී සදහා මිල පනතක් ඇසුරින් ස්ථාපිත කරනවා කියා වුවත් අද ඒ කිසිවක් නොවූ බවත් ජනතාවට බොරු මවාපෑමක් සිදු කර අවසානයේ ගොවියා රැවටූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*මේ බොරුව පරාජය කරමු*
එම නිසා මේ බොරුව පරාජය කළ යුතු බවත් ජනතාව මංමුලාව මුසාව ඇන්දවිල්ල පරාජය කළ යුතුව ඇති බවත් රටට හොද දෙයක් වෙනවා නම් එයට හොද යැයි පැවසීමට තමා සූදානම් බවත් මේ දිනවල මත්ද්‍රව්‍ය වැටලීම් සිදුවීම ඉතා හොඳ දෙයක් බවත් මත්ද්‍රව්‍ය අල්ලනවා සේම රතු ලේබල් සහිත කන්ටේනර් 323 නිදහස් කළ අය මෙන්ම එහි තිබු දේවල් සම්බන්ධයෙන් ද රජය සොයා බැලිය යුතු බවත් මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කරන වැඩපිළිවෙළට පූර්ණ සහයෝගය දෙනවා සේම කන්ටේනර් 323 තිබූ දේවල් ගැනත් රජය හෙළිදරව් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*කයිවාරුකාරයන්ට වැඩ බැහැ කියලා ඔප්පු වෙලා අවසන්*
කයිවාරු ගැහුවට වැඩ කරන්න බැහැ කියා ජනතාවට දැන් දැන් තේරෙමින් යන බවත් 2019 පෙර ක්‍රියාත්මක වූ නිවාස ව්‍යාපෘති, දහම්පාසල් හා ආගමික සිද්ධස්ථාන ගොඩනැගීමේ ව්‍යාපෘති සියලුල 2019 රජයෙන් පසු නැවතුණු බවත් එයට හේතුව කුහකකම, ඊර්ෂයාව, වෛරය ක්‍රෝධය බවත් අවසානයේ මෙහි පාඩුව සිදු වූයේ පොදු ජනතාවට බවත් විපක්ෂ නායකවරයා පැවසීය
දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,021ක් කුඩා ගම්මාන 50,964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුමුල්ලෙන් ආරම්භ විය.
NEWS CLIP 🧧 https://youtu.be/SPyo8FiwYBw?si=S2IxrIV-shg5IIhs