පළාත් සභා ඡන්දය බක්මහට කලින්

පළාත් සභා ඡන්දය බක්මහට කලින්

පැරණි ක්‍රමය ගැන වැඩි අවධානය

ඉදිරි පළාත් සභා මැතිවරණය ලබන වසරේ (2026) සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර පැවැත්වෙනු ඇතැයි ආණ්ඩු පක්ෂ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඒ අනුව ලබන වසර සඳහා අයවැය යෝජනාවලිය ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ කටයුතුවලට යොමු වන බව හෙතෙම සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණය පැරණි ඡන්ද ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙන් වැඩි ඉඩ කඩක් ඇතැයි ද වාර්තා වේ.

ලබන වසරේ අයවැයෙන් රාජ්‍ය පරිපාලන හා පළාත් සභා අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 596ක මුදලක් ද වෙන් කර ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ “පළාත් සභා ඡන්දය ඉක්මනින් තියනවා… ඒත් දිනවකවානු කියන්න බෑ” යනුවෙනි

Search