කන්ටේනර් 323 පිටකිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් – විශේෂ කාරක සභාවක් පත්කරන්න – විපක්‍ෂය කතානායක වරයාගෙන් ඉල්ලයි

කන්ටේනර් 323 පිටකිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් – විශේෂ කාරක සභාවක් පත්කරන්න – විපක්‍ෂය කතානායක වරයාගෙන් ඉල්ලයි

බහලුම් 323ක් භෞතික පරීක්ෂණයට ලක් කිරීමෙන් තොරව කොළඹ වරායෙන් නිදහස් කිරිම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය අද (07) කතානායකවරයාට යෝජනාවක් බාර දී තිබේ.

පරීක්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීම ජාතික ආරක්ෂාවට, ආදායම් එකතු කිරීමට සහ මහජන ආරක්ෂාව විෂයෙහි බරපතල අවදානමක් ඇති කර තිබෙන බැවින් එය ජාතික වැදගත්කමකින් යුතු කටයුත්තක් ලෙස සලකා විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස විපක්‍ෂය විසින් භාරදෙන ලද යෝජනාවෙන් ඉල්ලා ඇත.

නිසි පටිපාටිය අනුගමනය නොකර රතු ලේබල් ඇලවූ බහලුම් 323ක් නිදහස් කිරීම පිළිබඳ ජනාධිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් අනුව භාණ්ඩාගාර ලේකම් විසින් පත් කරන ලද පරීක්‍ෂණ කමිටුව කරුණු ගණනාවක් නිර්දේශ කර ඇති බව විපක්ෂය පෙන්වා දෙයි.

එම කමිටුව විසින් සිය වාර්තාවට අදාළ කරුණ පිළිබඳ සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් බහාලුම් නිදහස් කිරීමේ ක්‍රමවේදය නීතියට පටහැනි බවත් නිසි පරීක්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීම ජාතික ආරක්ෂාවට, ආදායම් එකතු කිරීමට සහ මහජන ආරක්ෂාව විෂයෙහි බරපතල අවදානමක් ඇති කර තිබෙන බවත් කථානායකවරයාට විපක්ෂය පෙන්වා දී ඇත.

ඒ අනුව මෙම බහාලුන් තුළ මත්ද්‍රව්‍ය, ආයුධ, වෙනත් තහනම් ද්‍රව්‍ය නිදහස් වී ඇති බවට චෝදනා ද එල්ල වන නිසා මේවා ජාතික වශයෙන් වැදගත් කරුණු ලෙස සලකා විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස මෙහි දී වැඩිදුරටත් ඉල්ලා ඇත.

මෙහි දී මත්ද්‍රව්‍ය, ආයුධ, වෙනත් තහනම් ද්‍රව්‍ය නිදහස් වී ඇති බවට චෝදනා ද එල්ල වන නිසා මේවා ජාතික වශයෙන් වැදගත් කරුණු බැවින් විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස මෙහි දී ඉල්ලා තිබේ

Search