ලංකාවේ දුප්පත්කමේ සැලකිය යුතු වැඩිවීමක් ජනගහනයෙන් තවත් 10 % ක් දරිද්‍රතාව ආසන්නයේ – ලෝක බැංකුව

ලංකාවේ දුප්පත්කමේ සැලකිය යුතු වැඩිවීමක් ජනගහනයෙන් තවත් 10 % ක් දරිද්‍රතාව ආසන්නයේ – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි ලෝක බැංකුව පවසයි.

මේ අනුව දරිද්‍රතා අනුපාතය 2024 දී සියයට 24.9 දක්වා ඉහළ ගොස් ඇත.

එසේම ජනයා දරිද්‍රතාවයට වැටීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බවත් , ජනගහනයෙන් තවත් සියයට 10 ක් ජීවත් වන්නේ දරිද්‍රතා රේඛාවට ඉතා ආසන්නව බව ද එහි සදහන් වේ.

ආහාර මිල ගණන් අඛණ්ඩව ඉහළ යාම සැලකිය යුතු බෙදාහැරීමේ අභියෝග මතු කරන අතර ,  අඩු ආදායම්ලාභී පවුල් ධනවත් පවුල්වලට වඩා ඔවුන්ගේ වියදම්වලින් තුන් ගුණයක් පමණ ආහාර සඳහා වෙන් කිරීම සහ ආහාර අනාරක්ෂිත භාවය තවමත් ඉහළ මට්ටමක පැවතීම මෙයට හේතුව අව ද ලෝක බැකුව ඊයේ ඉකුත් කළ වාර්තාවේ දැක්වේ.

මේ අතර දරිද්‍රතා අනුපාතය 2024 දී පැවති සියයට 24.9 සිට මේ වසරේ (2025 ) සියයට 22.4 දක්වා අඩු වනු ඇතැයි ද පුරෝකථනය කර ඇත

Search