අද (10) දින සිදුකල අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී බිමල් රත්නායක, අනුර කරුණාතිලක යන අමාත්‍යවරුන්ගේ විෂය පථ සංශෝධනය වන අතර මෙතෙක් නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සුසිල් රණසිංහ නව කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත්කිරීමට නියමිත ය.
මෙහි විශේෂත්වය වන්නේ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය විෂය පථ බිමල් රත්නායක අමාත්‍යවරයාගෙන් ඉවත්කොට අනුර කරුණාතිලක වෙත පවරා තිබීමය.
එසේම නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස අනිල් ජයන්ත ප්‍රනාන්දු , T.B. සරත්, M.L මොහොමඩ් මුනීර්, එරංග ගුණසේකර , හංසක විජේමුනි, අරවින්ද සෙනරත් විතාන, දිනිඳු සමන් කුමාර, කෞෂල්‍යා ආරියරත්න , මොහොමඩ් ඉල්ලෙයාස්, නිශාන්ත ජයවීර, පත් කිරීමට නියමිත අතර මේ අතුරින් ඇතමුන් මීට පෙරද නියෝජ්‍ය අමාත්‍ය ධූර දැරුවද , ඔවුන්ගේ විෂය පථ සංශෝධනය වී තිබේ