රට පුරා අනීතික මූල්‍ය ආයතන, ක්ෂුද්‍ර මූල්‍ය ජාවාරම්කාරයෝ වැඩි වෙලා. රජය කඩිනම් පියවර ගත යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රට පුරා අනීතික මූල්‍ය ආයතන, ක්ෂුද්‍ර මූල්‍ය ජාවාරම්කාරයෝ වැඩි වෙලා. රජය කඩිනම් පියවර ගත යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රට පුරාවටම අනීතික මූල්‍ය ආයතන විශාල ප්‍රමාණයක් ඇති බවත් මේ මූල්‍ය ආයතන වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක බවත් මේ මූල්‍ය ආයතන අප රටේ ජනතාව අනාථ කර ඇති බවත් ආසන්නම උදාහරණය ලෙස නැගෙනහිර හේවාගම් කෝරළ සමූපකාර සමිතිය තමන්ගේ ඉතිරි කිරීම් මුදල් මෙවැනි ක්ෂුද්‍ර මූල්‍ය බැංකුවකට යොමු කිරීම නිසා කෝටි ප්‍රකෝටි ගණන් මුදල් අහිමි වී ඇති බවත් 40000ක් 50000ක් තැන්පත්කරුවන් අනාථ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.


එසේම ඔන්ලයින් ලෝන් මාෆියාව හරහා විවිධ පුද්ගලයන් විදේශයේ සිට මේ රටට පැමිණ මාර්ගගත ක්‍රමයට ණය ලබා දී අවසානයේ බිය ගන්වා මුදල් අය කර ගැනීමේ ක්‍රියාදාමයන් සිදු කරන බවත් මොවුන් ණය ලබා ගන්නා පුද්ගලයන්ගේ රැකියාවට පවා බලපෑම් කර ඇති බවත් සමාජ මාධ්‍ය හරහා රටේ පොඩි මිනිසා පීඩාවට පත් කර විශාල පොළියක් අය කර ගෙන යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම වාහන බලහත්කාරයෙන් ලබා ගන්නා සීසර්ලා පවා පොලිස්පතිවරයාගේ නියෝග නොතකා අහිංසක මිනිසුන්ගේ වාහන බලහත්කාරයෙන් ලබා ගන්නා බැවින් මේ අනීතික ක්ෂුද්‍ර මූල්‍ය ණය ජාවාරම්කාරයන්ට එරෙහිව කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

https://youtu.be/aiErnj0IBbs?si=giR9031A8sscCVkr

Search