ජාතික ජන බලවේගය ආණ්ඩුවේ මැති ඇමතිවරු රාජ්‍ය දේපළ අවභාවිතය ඉහලින්ම කරගෙන යන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.
ඒ සඳහා හොඳම උදාහරණය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන ඉන්ධන සහනයත්.අමාත්‍යාංශයෙන් ලබා දෙන ඉන්ධන ප්‍රමාණයත් යන දෙකම ආණ්ඩුවේ මැති ඇමතිවරු ලබාගන්නා බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍යයට කරුණු දක්වමින් මේ බව සඳහන් කළ කාවින්ද ජයවර්ධන මහතා
තවදුරටත් කියා සිටියේ හොරකම දූෂණය නැති කරන බවට ප්‍රතිඥා දී බලයට පැමිණි ආණ්ඩුවේ මැති ඇමතිවරු අද එම කටයුතු ඉහළින්ම කරගෙන යන බවයි.
ජනාධිපති සහෝදරයාටත් හොරෙන් සම්ප්‍රදායට පිටින් යමින් හොරෙන් ඉන්ධන ලබාගත් ඇමති ලැයිස්තුවේ වසන්ත සමරසිංහ ඇමතිවරයාගේ නම ද ඇතුළත්වනන බව පවසන කාවින්ද ජයවර්ධන මහතා ඔහු මිලියන ගණනින් වත්කම් සන්තකයේ තබාගෙන මෙලෙස මන්ත්‍රීවරයෙකුට ලැබෙන ඉන්ධනත්. ඇමතිවරයෙකුට ලැබෙන ඉන්දනත් ලබා ගනිමින් පාක්ෂිකයින්ගෙන්ද රුපියල් 2000-3000 ක ඉන්ධන ගැනීම ගැන ලජ්ජා විය යුතු බව සඳහන් කළේය.
ඉතිහාසයේ බලයට පත්වූ ආණ්ඩුවල කටයුතු කළ ඇමතිවරු අමාත්‍යාංශයෙන් ලබා දෙනඉන්ධන හැරුණු කොට මන්ත්‍රී ධූරයට හිමිවෙන ඉන්ධන ලබා නොගත් බවත් මාලිමා ආණ්ඩුවේ ඇමතිවරු එම ඉන්ධන දෙයාකාරයටම ලබාගෙන රාජ්‍ය දේපොළ අවභාවිත කරමින් මහා වංචාවක් සිදුකර ඇති බව වැඩිදුරටත් අනාවරණය කළේය