ආර්ථික අර්බුදකාරී වාතාවරණයෙන් පසු ශ්‍රී ලංකාව ජාත්‍යන්ත මූල්‍යය අරමුදලේ වැඩසටහන ක්‍රියාවට නංවා දැන් එහි ප්රතිලාභ අත්කර ගනිමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාව ගත කළ දුෂ්කර කාලය අවසන් බැවින් ඉදිරි ප්රතිලාභ ලැබීම සඳහා වත්මන් ප්‍රතිසංස්කරණ මාවතේම රැඳී සිටිය යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට උපදෙස් ලබා දෙමින් ඉල්ලීමක් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව නිව්යෝර්ක් නුවර දී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි නියෝජිතයෝ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.
එහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්යක්ෂ තෝමස් හෙල්බ්ලින් මහතා.ආර්ථික අර්බුදකාරී වාතාවරණයෙන් පසුවශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක්රියාවට නැන්වුවා.
ඉතා ශක්තිමත් වර්ධනයක් එහි ප්රතිලාභ විදිහට දැන් හිමිව තිබෙනවා.පසුගිය වසරේ 5% ක වර්ධනයක් මෙන්ම මෙම වසරේ 4.2% ක් වෙයි කියලා අප ඇස්තමේන්තු කර තිබෙනවා. ලබන වසරේ එය 3% ක් බවට පත්වීමේ විභවයක් තියෙනවා.
මේ මොහොතේ ලබාදිය හැකි ප්‍රමුඛතම අවවාදය වන්නේවඩා වැඩි ප්රතිලාභ අත්කර ගැනීමට මේ වැඩපිළිවෙල තවදුරටත් පවත්වාගෙන යාම වැදගත් වන බවයි.එවිට වර්ධනය පැමිණේවි.ඒ වගේම එය දිගින් දිගටම සිදුවෙයි.ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වයට වැදගත් වන්නේමොකක්ද කියලා කිව්වොත්.අයවැයේ ඇතිවිය හැකි අවදානම් අවම කිරීම වෙනුවෙන් රාජ්‍ය මූල්යඒකාබද්ධතාව ප්‍රධාන භූමිකාවක් වෙනවා.ඒ වගේම රාජ්‍ය ව්‍යවසායන්ගේ ශක්‍යතාවය පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.මේ ප්රතිලාභවල දිගුකල් පැවැත්මටඑය අතිශය වැදගත් බව කිව යුතුයි.