අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඇතුළු මැති ඇමැතිවරුන් 48 දෙනකු පාර්ලිමේන්තුව විසින් ලබාදෙනු ලබන ඉන්ධන දීමනාව ලබානොදෙන ලෙස ඉල්ලා ඇත.
ඒ අනුව ඉන් 13 දෙනකු මෙම වසරේ (2025) මාර්තු සිට ද, 16 දෙනකු අප්‍රේල් සිට ද, ඉතිරි පිරිස මැයි, ජුනි, ජූලි, අගෝස්තු යන මාසවල පටන් ද ඉන්ධන දීමනාව නවතා දමන ලෙස ඉල්ලා තිබේ.
අමාත්‍යවරුන් වන රාමලිංගම් චන්ද්‍රසේකර, වසන්ත සමරසිංහ, අනිල් ජයන්ත, දම්මික පටබැඳි, නාමල් කරුණාරත්න, උපාලි සමරසිංහ යන මහත්වරුන් පසුගිය සැප්තැම්බර් මස සිට තමන්ට ඉන්ධන දීමනාව අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තුව වෙත දන්වා ඇත.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ගෙවනු ලබන මාසික වැටුප හා දීමනා ඔවුනගේ නමින් ඇති බැංකු ගිණුම් වෙත ඔවුනගේ ලිඛිත ඉල්ලීම් පරිදි බැර කරන බව පාර්ලිමේන්තුව කියා සිටී.
තොරතුරු දැනගැනීම පනත යටතේ මාධ්‍යවේදී තුෂාර වීරරත්න මහතා විසින් ඉල්ලා ඇති තොරතුරු සඳහා පිළිතුරු සපයමින් පාර්ලිමේන්තුව වෙනුවෙන් පාර්ලිමේන්තු සහකාර මහ ලේකම් සහ තොරතුරු නිලධාරී හංස අබේරත්න මහතා විසින් මෙම තොරතුරු සපයා ඇත.
ඒ අනුව මන්ත්‍රීවරයකුගේ මාසික දීමනාව රු. 54,285 ක්. රුපියල් 1000ක මාසික සංග්‍රහ දීමනාව, රුපියල් 50,000ක දුරකථන දීමනාව, රුපියල් 15,000ක ප්‍රවාහන වියදම් දීමනාව, රුපියල් ලක්ෂක කාර්යාල දීමනාව, රුපියල් 2500 බැගින් වන රැස්වීම් සහ කාරක සභා පැමිණීම් දීමනාව ද ඔවුන් වෙත ලබාදෙනු ලැබේ.
ඊට අමතරව මන්ත්‍රීවරුන් නියෝජනය කරනු ලබන දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුව අතර ඇති දුර සලකා ඉන්ධන දීමනාවක් ලබාදෙනු ලැබේ. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙනු ලබන ඉන්ධන ප්‍රමාණය මාසයකට ඩීසල් ලීටර් 419.76 කි