මාස 9ට නොගෙවූ රාජ්‍ය ණය රුපියල් බිලියන 1063.13කින් ඉහළට ! රාජ්‍ය ණය රුපියල් බිලියන 1211.03කින් ඉහළට !

මාස 9ට නොගෙවූ රාජ්‍ය ණය රුපියල් බිලියන 1063.13කින් ඉහළට ! රාජ්‍ය ණය රුපියල් බිලියන 1211.03කින් ඉහළට !

 සැප්තැම්බර් මස අග පැවති ජනාධිපතිවරණය අවස්ථාව වන විට මධ්‍ය රජයේ සමස්ත නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය 2025 ජුනි මස අග වන විට රුපියල් බිලියන 1063.13 ක් දක්වා ඉහල ගොස් ඇති බව ශ්‍රීලංකා මානව හිමිකම් කේන්ද්‍රය සඳහන් කරයි.


නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රීලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් පෙන්වාදෙන ආකාරයට 2024 සැප්තැම්බර් මාසයේ අග වන විට මධ්‍ය රජයේ සමස්ත නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 28574.65ක් ලෙස තිබූ අතර 2025 ජුනි මස අගභාගයට සම්පූර්ණ වූ මාස 9ක කාලය තුළ එය රුපියල් බිලියන 29634.78ක් දක්වා ඉහල ගොස් තිබේ.

ඒ අනුව අදාළ නිවේදනය මඟින් පෙන්වා දෙන්නේ මධ්‍ය රජයේ සමස්ත නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය සෑම මාසයකදීම රුපියල් බිලියන 117.79 බැගින් ඉහල ගොස් ඇති බවයි.

එසේම මෙරට දේශීය ණය ප්‍රමාණයද 2024 සැප්තැම්බර් මාසයේ අග වන විට රුපියල් බිලියන 17595.05ක් ලෙස පැවති අතර, 2025 ජුනි මාසයේ අග වන විට රුපියල් බිලියන 18806.08ක් ලෙස මාස 9ක් තුළ රුපියල් බිලියන 1211.03කින් ඉහල ගොස් ඇති බවද අදාළ නිවේදනයෙන් පෙන්වාදී ඇත.

තවද ශ්‍රීලංකාවේ විදෙස් සංචිතය 2025 මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 6531ක් ලෙස පැවති නමුත් එයද 2025 අගෝස්තු මාසය වන විට ඇමරිකානු ඩොලර් මිලියන 6178ක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 353කින් පහත වැටී තිබේ.

2023-2024 කාලය තුළ මාසයකට ඇමරිකානු ඩොලර් මිලියන 175ක වර්ධනයක් සහිතව වර්ධනය වෙමින් තිබූ මෙරට විදෙස් සංචිතය මෙම වසර අවසානයේ ඉලක්කය වූ ඇමරිකානු ඩොලර් මිලියන 7500 ඉලක්කයට යාමේ දුෂ්කරතාවක පසුවන බවද එකී නිවේදනය පෙන්වාදෙයි.

මේ සම්බන්ධව ශ්‍රීලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි

Search