ජාතික ජනබල වේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය ද අද (07) සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් පරාජයට පත් කළේය.
ඒ අනුව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද තුනකින් පරාජයට පත්ව තිබේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් මෙම සභාව තුළ විපක්ෂයට සභික ධූර 10ක්ද, ජාතික ජන බල වේගයට සභික ධූර 05 ද හිමිව තිබේ.
එහෙත් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තේරීමේදී විපක්ෂයේ දෙදෙනෙක් ජාතික ජන බල වේගයේ අපේක්ෂකයාට පක්ෂව ඡන්ද භාවිතා කිරිම නිසා සභාපතිවරයා ජාතික ජන බල වේගයෙන් පත් විය.