අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට...

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට...

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (08) සිට දින 06 ක් පැවැත්වේ.

දෙවන වර කියවීමේ ඡන්ද විමසුම ලබන 14 වැනිදා පස්වරු 6.00 ට පැවැත්වීමට නියමිතය.

කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 15 වැනිදා සිට දින 17 ක් පැවැත්වෙනු ඇත.

ඒ අනුව, තෙවන වර කියවීමේ ඡන්ද විමසුම දෙසැම්බර් මස 5 වැනිදා පස්වරු 6.00 ට සිදුකිරීමට නියමිතය.

අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

2026 අයවැය ඊයේ (07) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පැය 4 කට අධික කලයක් අයවැය යෝජනා ජනාධිපතිවරයා විසින් එහිදී ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

Search