රේගුව පරීක්ෂා නොකර නිදහස් කළ කන්ටේනර් 323 තුළ අවිආයුධ පැවැති බවත් ඊට අදාළ ලියකියවිලි තමන් සතුව තිබෙන බවත් යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්චුනා මහතා පැවසීය.
පසුගිය කාලේ තමන් සිදුකළ විදේශ සංචාරයේදී මේ සඳහා වන සියලු ලියකියවිලි ලබා ගත් බව මන්ත්රීවරයා අනාවරණය කළේය.
පාර්ලිමේන්තුවේදී අද (13) අදහස් දක්වමින් මේ බව සඳහන් කල රාමනාදන් අර්චුනා මහතා තවදුරටත් කියා සිටියේ පරීක්ෂා නොකර වරායෙන් එළියට දාපු කන්ටේනර් 323 හි අවි ආයුධ තිබුණ බවයි.
බිමල් රත්නායක විෂය භාර ඇමතිවරයාව සිටියදී මෙම කන්ටේනර් නිදහස් කළ බවත් ඒ සම්බන්ධයෙන් කතා කිරීම පිළිබඳව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ගියද සිද්ධිය ගැන සොයා බැලීමට අද වනතෙක් විධිමත් ක්රියාමාර්ගයක් ගෙන නොමැති බවට ඒ මහතා චෝදනා කළේය.
මෙම කන්ටේනර් වල අවි ආයුධ තිබුණ බව තමන්ට විශ්වාස බව පවසන මන්ත්රීවරයා ඒ වෙනුවෙන් ඕනෑම තැනකට ගොස් ලිඛිත සාක්ෂිසමග කරුණු දැක්වීමට තමන් සූදානම් බව ද පැවසීය.
කන්ටේනර් වල අවි තිබුණ බවට තමන් ප්රකාශ කරන්නේ සාක්ෂි ඇතිව බව පෙන්වාදෙන රාමනාන් අර්චුනා මහතා එය එසේ නොවේ නම් මේ පිළිබඳව සොයා බැලීමට වහාම කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා සිටියේය