ගොඩනැඟූ ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යන්න සහාය දෙන්න-ජනපති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලයි

ගොඩනැඟූ ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යන්න සහාය දෙන්න-ජනපති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලයි

ත්වා­ගෙන යෑමට සහාය දක්වන ලෙස ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­ම­යට ප්‍රකාශ කළේය.

රජයේ වෛද්‍ය නිල­ධා­රින්ගේ සංග­මය විසින් කර තිබූ ඉල්ලී­ම­කට අනුව එම සංග­මය සහ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා අතර සාක­ච්ඡා­වක් ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යේදී ඊයේ (17) පෙර­ව­රුවේ පැවැත්වූ අතර එහිදී ජනා­ධි­ප­ති­ව­රයා එසේ ප්‍රකාශ කළේය.

‘ඔබ ඉල්ලන්නා මම ලබා­දෙන්නා බවට පත් නොවී අපි සියලු දෙනා එකතු වී මේ රට ගොඩ­න­ඟමු’ යැයි ද ජනා­ධි­ප­ති­ව­රයා එහිදී පැව­සීය.

වෛද්‍ය­ව­රුන් ඇතුළු වෘත්ති­ක­යන්ට ලැබිය යුතු පහ­සු­කම් කප්පාදු කිරී­මට රජය බලා­පො­රොත්තු නොවන බව එහිදී පෙන්වා­දුන් ජනා­ධි­ප­ති­ව­රයා, රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මය ඉදි­රි­පත් කරන යෝජනා සහ ඉල්ලීම් සම්බ­න්ධ­යෙන් ඉදි­රි­යේදී සලකා බලන බවත් සඳ­හන් කළේය.

2022දී කඩා වැටුණු මෙරට ආර්ථි­කය මේ වන විට ස්ථාව­ර­ත්ව­යට පත් කර ඇති බවත් එම ස්ථාව­ර­ත්වය පව­ත්වා­ගෙන යාම රජයේ මූලික අභි­ප්‍රාය බවත් මෙහිදී සඳ­හන් කළ ජනා­ධි­ප­ති­ව­රයා ඒ වෙනු­වෙන් රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ සහාය ලබා දෙනු ඇතැයි බලා­පො­රොත්තු වන බවද ප්‍රකාශ කළේය.

පුර­වැ­සි­යාගේ යහ­පැ­වැ­ත්මට සෞඛ්‍ය ක්ෂේත්‍ර­යක මනා පැවැත්ම අති­ශය වැද­ගත් බවත් එය තම රජයේ මුලික අර­මු­ණක් බවත් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා එහිදී පැහැ­දිලි කළේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැද­ගත් මානව සම්ප­තක් වන වෛද්‍ය­වරු සහ විශේ­ෂඥ වෛද්‍ය­වරු ආරක්ෂා කර­ගැ­නීම රජයේ වග­කීම බව ද, ඒ අනුව ඔවුන්ගේ යෝජනා සහ ඉල්ලීම් ජනා­ධි­ප­ති­ව­රයා වෙත ඉදි­රි­පත් කිරීම මෙම සාක­ච්ඡාවේ අර­මුණ බව ද රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මය සඳ­හන් කර ඇත. එම යෝජනා සහ ඉල්ලීම් සම්බ­න්ධ­යෙන් ජනා­ධි­ප­ති­ව­රයා සමඟ එහිදී දීර්ඝ වශ­යෙන් සාකච්ඡා කෙරිණි.

සෞඛ්‍ය සහ ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස, කම්කරු, මුදල් සහ ක්‍රම­ස­ම්පා­දන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේ­මුණි මහ­ත්ව­රුද, සෞඛ්‍ය සහ ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රීහු පිරි­සක් සහ රජයේ වෛද්‍ය නිල­ධා­රින්ගේ සංග­මයේ නිල­ධා­රීහු පිරි­සක් ද මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ

Search