ජාතික ලොත­රැයි මණ්ඩ­ලයේ මගඩි රැසක් හෙළි වේ:–මහි­න්දගේ ඡන්ද වැඩ­ව­ලට ජාතික ලොත­රැයි මණ්ඩ­ලයේ සල්ලි අරන්–සභා­පති

ජාතික ලොත­රැයි මණ්ඩ­ලයේ මගඩි රැසක් හෙළි වේ:–මහි­න්දගේ ඡන්ද වැඩ­ව­ලට ජාතික ලොත­රැයි මණ්ඩ­ලයේ සල්ලි අරන්–සභා­පති

නාමල්ගේ පාක්ෂි­ක­යන්ට කුඩත් බෙදලා

colombo airport super draw ලොතරැයියෙන් ලක්ෂ 78ක් අය විය යුතුයි

වසර 10ක පාඩුව මිලි­යන 33යි

නීති පිය­වර ගන්නා බව සභා­පති එම්.ඩී.සී. පෙරේරා කියයි

පසු­ගිය වසර 10ක කාලයේ ජාතික ලොත­රැයි මණ්ඩ­ල­යට සිදු කළ දේශ­පා­ලන අත­පෙ­වීම් නිසා රුපි­යල් මිලි­යන 33කට ආසන්න අලා­භ­යක් සිදුව ඇතැයි ජාතික ලොත­රැයි මණ්ඩ­ලයේ සභා­පති එම්. ඩී. සී. ඒ. පෙරේරා මහතා පැව­සීය.

සභා­ප­ති­ව­රයා මේ බව පැව­සුවේ රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (17) පැවති මාධ්‍ය සාක­ච්ඡා­ව­කට එක් වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ සභා­ප­ති­ව­රයා මෙලෙස ද කීවේය.

“ජාතික ලොත­රැයි මණ්ඩ­ල­යට පාඩු කළ සිය­ලුම දෙනාට එරෙ­හිව මේ සති­යේදී පොදු දේපළ පනත යටතේ සහ දූෂණ විරෝධී පනත යටතේ පැමි­ණිලි කිරී­මට පිය­වර ගන්නවා. 2015 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ මැති­ව­රණ කට­යුතු වෙනු­වෙන් ජාතික ලොත­රැයි මණ්ඩ­ලය රුපි­යල් මිලි­යන 6.8ක් විය­දම් කර තිබෙ­නවා. එය නැවත අය කර­ගැ­නීම සම්බ­න්ධ­යෙන් නෛතික ක්‍රියා­මාර්ග ගැනී­මට ජාතික ලොත­රැයි මණ්ඩ­ලය කට­යුතු කර­නවා.

2015 වසරේ 32 වැනි වරට සිදු කළ colombo airport super draw ලොත­රැ­යිය විකි­ණීම වෙනු­වෙන් එක්සත් ජන­පද ඩොලර් 26540ක් ( ශ්‍රී ලංකා මුද­ලින් රුපි­යල් මිලි­යන 7.8කට) ආසන්න මුද­ලක් ජාතික ලොත­රැයි මණ්ඩ­ල­යට අය විය යුතුව තිබෙ­නවා. ඒ සඳහා ජාතික ලොත­රැයි මණ්ඩ­ලයේ හිටපු සභා­පති ශර්මිලා පෙරේරා සහ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියා­කාරි සාමා­ජි­ක­යෙක් වන සන්දික දිමුත් පීරිස් නමැති අයට එරෙ­හිව පැමි­ණිලි ගොනු කර­නවා.

2015-2019 කාල­සී­මාවේ හේෂා විතාන මන්ත්‍රී­ව­ර­යාගේ බිරිය විසින් ලොත­රැ­යි­පත් විකුණා ජාතික ලොත­රැයි මණ්ඩ­ල­යට ගෙවිය යුතු මුදල රුපි­යල් මිලි­යන 2.1ක් ලෙස සඳ­හන්ව තිබෙ­නවා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු අධ්‍යා­පන ඇමැති අකිල විරාජ් කාරි­ය­ව­සම් මහ­තාගේ ඥාති සොහො­යු­රි­ය­කට අලෙවි නියෝ­ජිත මධ්‍ය­ස්ථා­න­යක් දීමෙන් රුපි­යල් මිලි­යන 9.8ක් ජාතික ලොත­රැයි මණ්ඩ­ල­යට අය විය යුතුව තිබෙ­නවා. මැති­ව­රණ සම­යේදී හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජ­පක්ෂ මහ­තාගේ පාක්ෂි­ක­යන්ට දීමට ජාතික ලොත­රැයි මණ්ඩ­ල­යෙන් කුඩ දෙසී­යක් පමණ ගෙන මණ්ඩ­ල­යට රුපි­යල් ලක්ෂ දෙකක අලා­භ­යක් සිදු කර තිබෙ­නවා. මීට අම­ත­රව ජාතික ලොත­රැයි මණ්ඩ­ලයේ සේව­යට බඳ­වා­ගෙන දේශ­පා­ලන ක්‍රියා­කා­ර­කම් සඳහා වැටුප් ගෙවී­මට රුපි­යල් මිලි­යන 6.5ක් අව­භා­විත වී තිබෙන බව මේ වන විට අනා­ව­ර­ණය වී තිබෙ­නවා.

මේ සියලු දෙනා­ටම එරෙ­හිව මේ සතිය ඇතු­ළත දූෂණ විරෝධී සහ පොදු දේපළ පනත යටතේ පැමි­ණිලි ගොනු කිරී­මට ජාතික ලොත­රැයි මණ්ඩ­ලය කට­යුතු කර­නවා. ලබන වසර වන විට පොදු ව්‍යාපාර කාරක සභා­වට මේ ප්‍රශ්නය ගෙන යෑමට ඉඩ තබන්නේ නෑ.”

ජාතික ලොත­රැයි මණ්ඩ­ලයේ සාමා­න්‍යා­ධි­කාරි ඒ. එම්. හාරිෆ්, අති­රේක සාමා­න්‍යා­ධි­කාරි නීතිඥ සංජීව එදි­රි­සිංහ මහ­ත්වරු ද මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ

Search