නුගේගොඩින් පසු විපක්ෂය එකට!සජබත් එයි

නුගේගොඩින් පසු විපක්ෂය එකට!සජබත් එයි

ආණ්ඩු විරෝධී විපක්‍ෂයේ වැඩපිළිවෙළ ලබන වසරේ මුල සිට තවදුරටත් පුළුල් කිරීමට සහ ඒ වෙනුවෙන් සංවිධාන ශක්තිය තර කිරීමට සමස්ත විපක්‍ෂය තීරණය කර ඇත. ඒ අනුව ආණ්ඩුවේ වසරක ගමන් මග විවේචනය කිරීම, පොරොන්දු වූ සහන ජනතාවට ලබා නොදීම, අයවැයෙහි අසාර්ථකභාවය පිළිබඳව ජනතාවට කරුණු කීමට ද තීරණය කර තිබේ.

ලබන වසරේ පළාත් සභා මැතිවරණය ද පැවැත්වීමට ඉඩ ඇති බැවින් විපක්‍ෂයේ සමස්ත පක්‍ෂ ඒකාබද්ධව මෙම කටයුතු කළ යුතු බවට යෝජනා වී ඇත.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජනබලවේගයද ඒ සඳහා එක්කර ගැනීමට පසුගිය සිකුරාදා නුගේගොඩ රැළිය සංවිධානය කළ පක්ෂ නායකයින් යෝජනා ඉදිරිපත් කර ඇත.

සමගි ජනබලවේගයද ලබන වසරේ ජනවාරි සිට ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීමට පාරට බැසීමට දැනටමත් තීරණය කර ඇත. එහිදී එක්සත් ජාතික පක්ෂය සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු බවට සාමූහික තීරණයකට පැමිණ තිබේ. ඒ අනුව සමස්ත විපක්ෂය සමග සජබය ඉදිරියේදී කටයුතු කිරීම පිළිබඳව වැඩපිළිවෙළක් සකසන බව සජබ ජ්‍යෙෂ්ඨයකු පැවසීය

Search