ඉතිහාසයේ වැඩිම ඖෂධ ප්‍රමාණයක මිල අඩු කළේ අපේ රජයයි’ – සෞඛ්‍ය ඇමති

ඉතිහාසයේ වැඩිම ඖෂධ ප්‍රමාණයක මිල අඩු කළේ අපේ රජයයි’ – සෞඛ්‍ය ඇමති

ඉතිහාසයේ වැඩිම ඖෂධ ප්‍රමාණයක මිල අඩුකළ ආණ්ඩුව වශයෙන් රජය ඉතිහාසගතවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අද(22) පැවැති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඉතිහාසයේ ප්‍රථම වරට ඖෂධ වර්ග 350ක මිල අඩු කිරීමට කටයුතු කළ බවත් ඉදිරියේදී ඖෂධ මිල තවත් පහත හෙළන බවද අමාත්‍යවරයා කිය.

ළමා රෝග, පිළිකා, දියවැඩියාව, අධිරුධිර පීඩනය ඇතුළු විවිධ රෝග රැසක් සඳහා ලබාදෙන ඖෂධ වර්ග 350 ක මිල පාලනය සිදුවන බවත් අවධාරණය කළ අමාත්‍යවරයා උදාහරණයක් ලෙස පාලන මිල නියම කිරීමත් සමග පිළිකා රෝගීන්ට මෙතෙක් රුපියල් 42,000 කට පමණ අලෙවි කළ (Paclitaxel (Protein bound particles) for injectable suspension 100mg/vial) එන්නතක් රුපියල් 26,332 ක් දක්වා ද අංශභාග රෝගීන්ට ලබාදෙන (Nimodipine IV Infusion BP 10mg/50ml) රුපියල් 6,348 ක ඖෂධයක් රුපියල් 4,100 දක්වා අඩුවන බව ද පැවැසීය

Search