ඉන්දියානු බාල ඖෂධ වංචාවේ සම්පූර්ණ වගකීම සෞඛ්‍ය ඇමති සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති භාරගත යුතු යයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
සමාගමක් එම එන්නත්වල දේශීය නියෝජිතයා වුණාට., ගෙන්වීම බෙදා හැරීම විතරක් නෙවෙයි නෙවෙයි තත්ත්ව පාලනය තහවුරුව ලබා ගන්න ඕනෙත් ඖෂධ නීතිගත සංස්ථාව විසින්. දැන් බැක්ටීරියාවක් ඉන්නවා කියලා ඖෂධ නියාමන අධිකාරිය කියනවනම්, පූර්ව වශයෙන් කරපු පරීක්ෂණවල වැරැද්දක් තියෙන්න ඕනේ. ඒ වගකීම ඖෂධ නීතිගත සංස්ථාව විසින් දැරිය යුතුයි.
එන්නත් පිළිබඳව ගැටළුවේ සියළු වගකීම් සමාගමක් මත පටවලා සියලු පව් හෝදගන්න ඖෂධ නියාමන අධිකාරියටත්, ඖෂධ නීතිගත සංස්ථාවටත් බැහැ
ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා අනවශ්‍ය ප්‍රශ්නයක් මහනුවර ජාතික රෝහල් රසායනාගාරය මත පටවනවා. මහනුවර ජාතික රෝහලේ රසායනාගාරය පරීක්ෂණයක් කළත් කරන්නේ රෝහල තුළ උවමනාවකට මිස ඖෂධ තත්ව පාලනයට නෙවෙයි. එනිසා ඒ මත බර තබමින් එන්නත් අත්හිටවීම මගින් ගැටලුවක් ඇතිවුණොත් අනවශ්‍ය ප්‍රශ්නයක් රසායනාගාරය මත පැටවෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත, ප්රමිතිකරණය කරන රසායනාගාරයක දුන්න වාර්තාවක් අභියෝග කරන්න මහනුවර ජාතික රෝහලේ රසායනාගාරයට බැහැ.
නියාමනාධිකාරිය දොළොස් වැනිදා තහනම් කරපු එන්නත, අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාගේ රෝහල තුළම 13 වැනිදා රෝගීන් අටදෙනෙකුට ලබාදීම බරපතල තත්ත්වයක් මිය යන්නේ එක රෝගියයි. ඔහුගේ මරණයට හේතුව විදිහට කොහේවත් මේ කියන එන්නට පිළිබඳව සඳහනක් නැහැ. එහෙමනම් එක්කෝ මරණ සහතිකය බොරු වෙන්න ඕනේ. නැත්තං ඖෂධය නිසා මැරුනා කියන එක බොරු වෙන්න ඕන.
කතාන්දරයක් විදිහට ඉදිරිපත් කරන මේ එන්නත් තහනම් කිරීමේ ගැටලුව ඇතුලෙන් නොකියවෙන කතා ගොඩක් තියෙනවා. ඉමිනෝග්ලොබියුලින් කතාව ආවෙත් මේ විදිහටම තමයි. එනිසා මේ කතාවේ හිස්තැන් පුරවා ගන්න එක බාල ඖෂධ තවත් විශාල හොරකමක සුල මුල හොයාගන්න වැදගත් වෙනවා. ඒකෙදි අපි ඉල්ලන්නේ පුද්ගල වන්දනාවේ යෙදෙන්නේ නැතුව ක්‍රමය ප්‍රශ්න කරන්න කියලයි. මේ ගැටළුවේදී නියාමන අධිකාරිය වැඩ කරලා තියෙන්නේ නියමිත ක්‍රමය ඇතුළෙ නෙවෙයි කියලා බැලූ බැල්මට පේනවා.