දිස්ත්‍රික්ක 11 කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කරයි

දිස්ත්‍රික්ක 11 කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කරයි


පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ඒ අනුව දිස්ත්‍රික්ක 11 කට පළමු හා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

දැනට සිදුකර ඇති අනතුරු ඇඟවීම් වලට අනුව ගාල්ල, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල දෙවන මට්ටමේ (අනතුරු ඇඟවීම) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

එමෙන්ම බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, මොනරාගල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පළමු මට්ටමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

Search