රටේ බොහෝ ප්‍රදේශවල ගොවි ජනතාව සිය ගැටලු තමාට ඉදිරිපත් කර එම ගැටලු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පැවසු නිසා ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට කෘෂිකර්ම ඇමතිට අනුව එවැනි ප්‍රශ්න ගොවියාට නොමැති බවත් පසුගිය දින පවා බිත්තර වී වල හිඟයක් ඇති බව තමා පැවසූ බවත් අප රටේ බිත්තර වී වගාකරුවන්ට පවා නිශ්චිත මිලක් නොමැති බවත් මේ රජය බලයට පත් වූයේ ගොවියා රජකරවනවා කියා වුවත් අද වන විට ගොවි ජනතාවගේ ජන ජීවිතය පහළටම ඇද දමා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ආනමඩුව ආසනයේ නවගත්තේගම ප්‍රදේශීය ලේකම් කොට්ටාසයේ ඉගිනිමිටිය වසමේ පැවැත්වූ ගොවිජන හමුව අමතමිනි.*
බිත්තර වී හිඟය, බිත්තර වී වලටද ස්ථාවර මිලක් නොමැති වීම, පොහොර හිඟයක් පැවතීම ආදිය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන විට එවැනි ගැටලු නැති බව ඇමතිවරයා පැවසුවත් මේ නිසා ගොවි ජනතාව අද කළකිරීමෙන් සිටින බවත් කණකර දේපල උගස් කර වගා කළත් අස්වැන්නට හොද සහතික මිලක් ස්ථාවර මිලක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*වී කිලෝවක් සඳහා යන නිෂ්පාදන වියදමවත් කෘෂිකර්ම ඇමති දන්නේ නැහැ*
වී කිලෝවක් නිෂ්පාදයට රු.130-135 අතර මිලක් ගොවියාට ගියත් ඇමතිවරයාට අනුව එය රු. 90-95ක් බවත් පොහොර, තෙල්, කෘෂිරසායන මිල ආදිය පව දැන් ඉහළ ගොස් ඇති බවත් ඊට අමතරව මේවයේ ගුණාත්මක භාවයක් නොමැති බවත් 14% තෙතමනය යටතේ වී රු 120ට ගන්නවා කිව්වත් අද එය සිදුවන්නේ නැති බවත් රු. 150ක සහතික මිල නීතියක් කරනවා යැයි මැතිවරණය සමයේ කිව්වත් අද ඒ කිසිවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
*2019ත් 2024ත් ගොවියා රැවටුණා*
2019 සේම 2024 දී ද ගොවියා රැවටුණු බවත් අදත් ගොවියා අනාථ වී ඇති බවත් ගොවියාගේ කරපිටින් ජනාධිපතිකම් ඇමතිකම් ලැබූ සියලු දෙනා අද රජපුටුවලට ගොස් ගොවියා අමතක කර ඇති බවත් කවුරු මොන කයිවාරු ගැහුවත් සෝබන රගපැම් ඉදිරිපත් කළත් ඒ රංගන ඉදිරිපත් කළ අයම ගොවියා අමතක කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*ගොවියාට හෙණ ගැහුවත් ඇමතිට ගණක්වත් නෑ*
අලි මිනිස් ගැටුම, යන්ත්‍ර සූත්‍ර මිල හා වියදම් පවා වැඩිව තිබියදී ලැබිය යුතු ස්ථාවර මිල නැති බවත් විෂය භාර ඇමතිවරයාට මේ ගොවිතැනේ චක්‍රය නොතේරෙන බවත් ගොවියාට හෙණ ගැහුවත් මොවුන්ට ගණක් නැති බවත් පුලුවන් නම් මේ ඇමතිවරු ගොවියා ළගට ගොස් මේ ගැටලු සොයා බලන ලෙස ඇමතිවරයාට අභියෝග කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
*ඇමතිවරු ජනතාව ළගට යන්න බයයි*
මේ ඇමතිවරුන්ට අද ජනතාව ළගට එන්න බැරි බවත් මේ ටොම්පචකාරයන්ව දැන් එපා වී ඇති බවත් දැන්වත් ගොවියා වෙනුවෙන් සැබවින්ම කළ හැකි ප්‍රතිපත්ති මාලාවක් සකස් කර එය ක්‍රියාත්මක කරන ලෙසත් රටට ඇති එකම විකල්පය වන සමගි ජන බලවේගය රටේම ගොවි ජනතාව ඒකරාශි කර ගෙන දැවැන්ත ගොවිජන බලවේගයක් නිර්මාණය කරන බවත් ඒ තුළ ගොවි ජනතාව වෙනුවෙන් නව සමාජ ගිවිසුමක් සහ ප්රඥප්තියක් ඉදිරිපත් කර ගොවියාට දිය යුතු ශක්තිය රැකවරණය ආරක්ෂාව ලබා දී ගොවියා සුරකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
*ගොවියා වෙනුවෙන් අපි ප්රඥප්තියක් සකස් කරනවා*
ගොවි ජනතාව විවිධ දේශපාලන පක්ෂවලට රැවටුනා ඇති බවත් පාට තොප්පි ඉවත් කර ගොවි ජනතාව වෙනුවෙන් අවංකවම කැපවෙන පක්ෂය හා බලවේගය දැන්වත් තෝරා ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් එදා ගොවියා රකිනවා කියු වත්මන් රජය IMF එකේ අතකොලුවක් බවට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව අද IMF එකේ පදයට නටන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*ගොවිතැන විනාශ කරණ ප්‍රතිපත්තිය පරදවමු*
අප රටේ ගොවිතැන අසාර්ථකයි කිව්වත් අපේ ගොවිතැන නවීකරණය කර ගොවිතැන විනාශ කරනවා වෙනුවට ගොවිතැන සුරක්ෂිත කරන ප්‍රතිපත්තියක් වෙනුවෙන් කැපවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
https://youtu.be/3XCqnf_-RRI?si=e_38yaww0QSGRZSV
https://we.tl/t-d5avVmhktuTv4pZP