බිඳවැටීම් මත පදනම් වූ දේශපාලනය නොව, දයාවෙන් පිරි රටක් අපට අවශ්‍යයි ! විපක්ෂ නායක සජිත්ගෙන් නත්තලට පණිවිඩයක් !

බිඳවැටීම් මත පදනම් වූ දේශපාලනය නොව, දයාවෙන් පිරි රටක් අපට අවශ්‍යයි ! විපක්ෂ නායක සජිත්ගෙන් නත්තලට පණිවිඩයක් !

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරනු ලබන නත්තල යනු විනාශය අතරින් බලාපොරොත්තුව උපදින සමය බවත්, මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ බිඳවැටීම් මත පදනම් වූ දේශපාලනය නොව ජනතාවගේ වේදනාවට පිළිතුරු දෙන දයාවෙන් පිරි රටක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

සිය නත්තල් දින පණිවිඩය නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ මෙවර නත්තල් උදාව පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපෑ “දිට්වා” සුළි කුණාටුවෙන් පසු ජාතිය මුහුණ දුන් වේදනාකාරී අත්දැකීම් මධ්‍යයේ බවයි.

අඳුරුතම රාත්‍රීන් තුළ පවා ආලෝකය උපදින බවත්, එය බලාපොරොත්තුවේ ආලෝකය බවත් පෙන්වා දෙන ඒ මහතා, වැටුණු තැනින් රටක් ලෙස නැවත නැගිටීමට නත්තල ආශිර්වාදයක් කරගත යුතු බව අවධාරණය කරයි.

ජාති, ආගම්, පන්ති හෝ පක්ෂ භේදයකින් තොරව ශ්‍රී ලාංකිකත්වය පෙරටු කරගෙන ඉදිරියට යාම මෙවර නත්තලේ සැබෑ අරුත විය යුතු බව පවසන සජිත් ප්‍රේමදාස මහතා, ජනතාවගේ පීඩාවන් හඳුනන සාධාරණ පාලනයක් වෙනුවෙන් කැපවීමේ වැදගත්කම ද සිය පණිවිඩය මඟින් වැඩිදුරටත් සිහිපත් කර තිබේ

Search