කොළඹ අයවැයට දෙවැනි වර ඡන්ද විමසීම ලබන බදාදා

කොළඹ අයවැයට දෙවැනි වර ඡන්ද විමසීම ලබන බදාදා


කොළඹ මහ නගර සභාවේ පරාජයට පත්වූ අයවැය සඳහා දෙවැනි වර ඡන්ද විමසීම ලබන බදාදා (31දා) පැවැත්වීමට නියමිතය.

පසුගිය 18 වැනිදා කොළඹ මහනගර සභාවේ 2026 වර්ෂයට අදාළ අයවැය ලේඛනය නගරාධිපතිනි වායි කැලී බල්තසාර් මහත්මිය විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබූ අතර, එදින රාත්‍රී 10.00ට පමණ ඡන්ද විමසීම සිදුවිය. එහිදී වැඩි ඡන්ද 03කින් අයවැය පරාජයට පත්වූ අතර අයවැයට පක්ෂව ඡන්ද 57 ක් ද, විපක්ෂව ඡන්ද 60 ක් ද ලැබී තිබුණි.

පරාජයට පත්වූ අයවැය සඳහා දෙවැනි වර ඡන්ද විමසීම ලබන 31 වැනිදා පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතය

Search