ප්රජාතන්ත්රවාදී රටක ප්රජාතන්ත්රවාදය සුරක්ෂා කරන ප්‍රධාන කුලුනු හතර වන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ ස්වාධීන මාධ්‍ය වුවත් මේ මොහොත වනවිට වත්මන් රජය පොලිසිය උපයෝගී කර ගෙන ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතියත් පොලිසියේ සේවය කරන නිලධාරීන්ගේ අයිතියත් උල්ලංඝනය කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ වනවිට රටේ ජනතාවට සත්‍ය තොරතුරු දැන ගැනීමේ අයිතිය ඉවත්කරමින් පොලිස් රාජ්‍යයක් ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව කටයුතු කරන බවත් ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත වන්නට නම් මාධ්‍ය නිදහස සුරක්ෂිත වී ස්වාධීන මධ්‍යට තැන දිය යුතු බවත් හෙතෙම කියයි. මේ හරහා සංවරණ හා තුළන ක්‍රියාවලියට සවියක් වන නමුත් වත්මන් රජය ස්වාධීන මාධ්‍ය ක්‍රියාවලියට බලපෑම් කර ස්වාධීන මාධ්‍ය මර්දනය කරන්නට පොලිසිය උපයෝගී කර ගෙන ස්වාධීන මාධ්‍යට තර්ජනය කරන්න යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ප්‍රේමදාස මහතා මේ බව කියාසිටියේ ඊයේ (25දා) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
ස්වාධීන මාධ්‍ය තමන්ගේ මතය හේතු කරුණු කාරණා සාක්ෂි මත පදනම්ව ඉදිරිපත් කළත් එය උල්ලංඝනය කරන්න කටයුතු කිරීම යනු ප්රජාතන්ත්රවාදී රට පොලිස් රාජ්‍යක් බවට පත් කිරීමට උත්සාහ කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙරට නිහඬ බහුතරයේ හඬ වන්නේ ස්වාධීන මාධ්‍ය බැවින් එය මර්දනය නොකළ යුතු බවත් මේ මාධ්‍ය මර්දනය යනු ඒකාධිපති පාලනයකට අතපෙවීමක් බවත් ජනතාව ජනවරම දුන්නේ ඒකාධිපති පාලනයකට හෝ පොලිස් රාජ්‍යක් ඇති කිරීමට නොවන බවත් රජය ප්රජාතන්ත්රවාදී අයිතිය අහෝසි කරන්න උත්සාහ කරන්නේ නම් ඊට එරෙහිව විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.