හැඟී­ම්ව­ලට නොව බුද්ධි­යට අව­කා­ශය දී කට­යුතු කිරී­මට අදි­ටන් කර ගත යුතුයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස

හැඟී­ම්ව­ලට නොව බුද්ධි­යට අව­කා­ශය දී කට­යුතු කිරී­මට අදි­ටන් කර ගත යුතුයි  විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස


නව වසර (2026) අපගේ මාතෘ භූමි­යට අභි­යෝ­ගා­ත්මක වස­රක් වනු නොඅ­නු­මාන බවත් එය මැන­වින් හඳුනා ගෙන හැඟී­ම්ව­ලට නොව බුද්ධි­යට අව­කා­ශය සලසා දී කට­යුතු කිරී­මට අප සියලු දෙනා අදි­ටන් කර ගත යුතු බවත් නව වස­රට සුබ පැතුම් එක් කර­මින් ශ්‍රී ලංකා පාර්ලි­මේ­න්තුවේ විපක්ෂ නායක සහ සමගි ජන බල­වේ­ගයේ නායක සජිත් ප්‍රේම­දාස මහතා පව­සයි.

එම සුබ පැතුම් පණි­වි­ඩයේ මෙසේද සඳ­හන් වේ. අන­පේ­ක්ෂිත ව්‍ය­ස­න­කාරී තත්ත්වය හමුවේ අප මුහුණ දී සිටි ආර්ථික, සාමා­ජීය සහ දේශ­පා­ල­නික අභි­යෝග නව මාන­ය­කට විතැන් වී තිබේ. මෙම අභි­යෝග දින­න්නට හුදෙක් ඒක­පා­ර්ශ්වීය ක්‍රියා­කා­ර­කම් හෝ සැල­සුම් තුළින් අප­හසු වේ. එබැ­වින් සහ­යෝ­ගී­තාව මේ අව­ස්ථාවේ ජාත්‍ය­න්තර සහ ජාතික මට්ට­මෙන් අන් කවර කල­ක­ටත් වඩා වැද­ගත් අව­ශ්‍ය­තාව බව පෙන්වා දෙනු කැමැ­ත්තෙමි.

අපේ­ක්ෂා­භං­ග­ත්වය නිසාත් අස­ර­ණ­භා­ව­යෙන් තැවෙන නිසාත් යමක් නොකර සිටී­මෙන් තත්ත්වය යහ­පත් අතට වෙනස් නොවේ. වෙන­සක් සඳහා කළ යුත්තේ සිය­ල්ලෝම සියලු දෙනා වෙනු­වෙන් එකට එක්ව කට­යුතු කිරීම යි. එබැ­වින් එකඟ විය හැකි තැන එකඟ වන්න­ටත් එක­ඟ­ත්වය තුළ කට­යුතු කර­න්න­ටත් අප නිහ­ත­මානී විය යුතුය. ඇල්බට් අයි­න්ස්ට­යින් පැවසූ ආකා­ර­යට සත්‍ය සහ යුක්තිය පිළි­බඳ කරු­ණු­වල දී විශාල සහ කුඩා ගැටලු අතර වෙන­සක් නොමැත. මන්ද මිනි­සුන්ට සැල­කීම පිළි­බඳ ගැටලු සිය­ල්ලම එක හා සමාන වන බැවිනි. මේ අභි­යෝ­ගා­ත්මක වසරේ දී අප ක්‍රියා කළ යුත්තේ අපේ සහෝ­දර ජන­තාව මුහුණ දී ඇති සෑම ගැට­ලු­වක්ම එක හා සමාන ලෙස සලකා පිළි­තුරු සොයා ගැනී­මට යි. එවැනි දැක්මක් හා දර්ශ­න­යක් ඇතිව ක්‍රියා කර­න්නට සියලු ආග­මික නාය­ක­යින් දේශ­පා­ලන හා සමාජ ක්‍රියා­කා­රීන් මෙන්ම රටේ සමස්ත ජන­තා­වට ධෛර්යය ශක්තිය ලැබෙන නව වස­ර­කට සුබ පැතුම් එක් කරමි

Search