එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය හෙටින් උදාවන නව වසරේ ස්ථිර වශයෙන්ම එකතුවන බව
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම්. මරික්කාර් මහතා පැවසීය.
රට විනාශය කරා ගෙනයන ජාතික ජන බලවේගයේ වාමාංශික ආණ්ඩුව පන්නා දැමීම සඳහා මෙලෙස දක්ෂිණාංශික පක්ෂ දෙක එකතුවන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹදී අද (31)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ පක්ෂ දෙක එකතුවීමේ තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ පැවති බවයි.
එක්සත් ජාතික පක්ෂයට සහ සමඟ ජන බලවේගයට ඇත්තේ සමාන ප්‍රතිපත්ති බැවින් පක්ෂ දෙකඑක්වීමට එය පහසුවක් වන බව ඔහු පෙන්වා දුන්නේය.
අද රටට අවශ්‍යව ඇත්තේ බොරු පොරොන්දු ලබාදෙමින් රට ඉදිරියට ගෙන යෑමට කිසිවක් සිදු නොකර බලන් ඉන්න
වාමාංශික ආණ්ඩුවක් නොව නිවැරදි දක්ෂිණාංශික ආර්ථික ප්‍රතිපත්තියක් යටතේ රට ඉදිරියට ගෙනයාමටට හැකි ආණ්ඩුවක් බව මරික්කාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය