6 ශ්‍රේණි­යේ ප්‍රතිසංස්කරණ 2027ට කල් යයි -කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස

6 ශ්‍රේණි­යේ ප්‍රතිසංස්කරණ 2027ට කල් යයි  -කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස



නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­යට අදා­ළව මේ වසරේ සිට ක්‍රියා­ත්මක කිරී­මට නිය­මි­තව පැවති 06 වැනි ශ්‍රේණියේ විෂ­ය­මාලා ප්‍රති­සං­ස්ක­ර­ණය නැවත සමා­ලෝ­ච­නය කර 2027 වසරේ සිට ආරම්භ කිරී­මට රජය තීර­ණය කර තිබේ.

පළමු ශ්‍රේණියේ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ මේ වස­රේදී එලෙ­සම ක්‍රියා­ත්මක කරන බව කැබි­නට් මාධ්‍ය හමු­වේදී කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා ඊයේ (13) පැව­සු­වේය.

ප්‍රශ්න­ගත 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩි­යු­ල­යට අදා­ළව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සහ අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය විසින් සිදු කළ විම­ර්ශන වාර්තා­වෙන් ලද ප්‍රති­ඵල මත ජාතික අධ්‍යා­පන ආය­ත­නයේ පාලන සභාව විසින් අදාළ සිදු­වී­මට වග­කිව යුතු නිල­ධා­රීන්ට එරෙ­හිව විනය ක්‍රියා­මාර්ග ගැනී­මට නිය­මිත බව ද ඇමැති නලින්ද ජය­තිස්ස මහතා කියා සිටි­යේය.

මානව සම්පත් සංව­ර්ධ­නය, යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය හා පරි­පා­ලන ප්‍රති­සං­ස්ක­රණ, තක්සේරු සහ ඇග­යීමේ කට­යුතු, විෂ­ය­මාලා සංව­ර්ධ­නය සහ මහ­ජන දැනු­ව­ත්භා­වය හා ප්‍රව­ර්ධ­නය යන ප්‍රධාන කුලුනු 5ක් මත අදාළ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු එලෙ­සම ක්‍රියා­ත්මක කරන බව ද ඇමැ­ති­ව­රයා පැව­සීය.

“අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­වල එක කුලු­නක් වන මානව සම්පත් සංව­ර්ධ­නය සඳහා අධ්‍යා­පන පරි­පා­ලන සේව­යට 2017න් පසු බඳවා නොගත් 502ක් බඳවා ගෙන උසස් වීම් 306 දෙන­කුට ලබා දී 800කට වැඩි ප්‍රමා­ණ­ය­කට පුහු­ණු­වීම් ලබා දෙමින් පව­ති­නවා. ගුරු අධ්‍යා­ප­න­ඥ­යන් 580ක් බඳවා ගෙන පුහු­ණු­වීම් කර­ගෙන යනවා. පසු­ගිය කාලයේ දී ගුරු­ව­රුන් 4,134ක් බඳවා ගැනී­මට කට­යුතු කළා. තවත් ගුරු­ව­රුන් 23,344ක් කඩි­න­මින් බඳවා ගන්න කට­යුතු කර­නවා.

6 වැනි ශ්‍රේණියේ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ පිළි­බඳ යම් ව්‍යාකූ­ල­ත්ව­යක් ඇති කරන්න කට­යුතු කර­මින් ඉන්නවා. රජය විශ්වාස කර­නවා අවම අවි­ශ්වා­ස­යක් හෝ තියා­ගෙන මේ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ එලෙ­ස­ටම ඉදි­රි­යට යන්න බැහැ කියලා. යම් වෙන­සක් කළ යුතුයි කියන එක අපි පිළි­ග­න්නවා. මානව සම්පත් සංව­ර්ධ­නය, යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය, තක්සේරු සහ ඇග­යීම, මහ­ජන දැනු­ව­ත්භා­වය සහ ප්‍රව­ර්ධ­නය කියන කරුණු එලෙ­සම පව­ත්වා­ගෙන යනවා.” යැයි ද හෙතෙම මෙහිදී පැව­සීය

Search