අල්ලස් කොමිසම කතානායක ගැන විමර්ශන අරඹයි ! - හිටපු නියෝජ්‍ය මහ ලේකම් අභියාචනාධිකරණයට !

අල්ලස් කොමිසම කතානායක ගැන විමර්ශන අරඹයි ! - හිටපු නියෝජ්‍ය මහ ලේකම් අභියාචනාධිකරණයට !

කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා භාර දී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ, චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර ඇති බව ''මව්බිම '' පුවත්පත වාර්තාකර ඇත.

විශේෂයෙන් කතානායකවරයෙකුට එරෙහිව අල්ලස් කොමිසම විමර්ශනයක් පවත්වන පළමු අවස්ථාව මෙය බව එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම්වරයා විසින් කතානායකවරයාට විරුද්ධව දූෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව චෝදනා අටක් සිය පැමිණිල්ලෙන් පසුගිය දා ඉදිරිපත් කළේ .

අනුව කතානායකවරයා විසින් සිදු කර ඇතැයි කියන දූෂණ, වංචා සහ අක්‍රමිකතා මෙසේය.


*  
නීති විරෝධී ලෙස වාහන අවභාවිතය ඉන්ධන දීමනා දෙකක් ලබා ගැනීම,

*
පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය සතු උපකරණ අවභාවිතය,

*
නියමිත මුදල නොගෙවා පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර දිවා ආහාර පහසුකම් ලබා ගැනීම,

*
නීති විරෝධී ලෙස විමර්ශන නිලධාරියෙකු පත්කර ඔහුට පාර්ලිමේන්තු ගිණුමෙන් මුදල් ගෙවීම සහ ආහාර සහ ප්‍රවාහන පහසුකම් ලබාදීම,

*
නීති විරෝධී ලෙස රජයට අයත් නිල නිවාස දෙකක් භාවිත කිරීම,

*
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින ලද තොරතුරු ලබාදීම නීති විරෝධී ආකාරයෙන් ප්‍රතික්ෂේප කර තම දූෂණ සහ වංචා ක්‍රියා යටපත් කර ගැනීමට උත්සාහ දැරීම,

*
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පරිපාලනයට අනීතික ලෙස මැදිහත් වීම, එම පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇති චෝදනා වේ.

කතානායකවරයාට එරෙහිව කළ පැමිණිල්ලේ පිටපත මෙන්න

කතානායකගේ පෞද්ගලික ලේකම්ට චෝදනාවක් !

මේ අතර පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ චමින්ද කුලරත්නට එරෙහිව පැවැත් වූ පරීක්ෂණයේ වාර්තාව අල්ලස් කොමිසමට භාර දී ඇතැයි දැනගන්නට ලැබේ.

එසේ පැමිණිල්ල ඉදිරිපත් කල පසු කතානායකගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ විසින් මෙම පැමිණිල්ලේ සදහන් තොරතුරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම්ගෙන් වාර්තාවක් කැදවා ඇත.

මේ වන විට පැමිණිල්ල විමර්ශනයට අල්ලස් කොමිසම තීරණය කර ඇති අතර එම නිසා විමර්ශනය කරන කරුනු සම්බන්ධයෙන් වාර්තා කැදවීම 2023 අංක 09 දරන දූශණ වීරෝදි පනතේ 127 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවත්  අල්ලස් කොමිසමට කරන අපහාසයක් බවත් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය විසින් කතානායක වරායව  දැනුවත් කර ඇතැයි වාර්තාවේ.

චමිර ගාල්ලගේ ලබා දී ඇති ලිපිය පසුගිය 06 වන දින සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ රාජකරුණා විසින් පාර්ලිමේන්තුවේ දී සභාගත කළේය.

WhatsApp Image 2026 02 09 at 11.11.23 AM 1

WhatsApp Image 2026 02 09 at 11.11.23 AM 1

 

මේ අතර තමාගේ වැඩ තහනමට විරුද්ධව පාර්ලිමේන්තුවේ හිටපු නියොජ්‍ය මහ ලේකම් විසින් ඉදිරි දින කිහිපය ඇතුලත අභියාචනාධිකරණයේ නඩු පැවරිමටත්, ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමය, පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය, පාර්ලිමේන්තු මහ ලේකම්වරුන්ගේ ජාත්‍යන්තර සංගමය හා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සංවිධානය ඇතුලු ජාත්‍යන්තර සංවිධාන රැසකටද  පැමිණිළි කිරීමටත් තීරණය කර ඇතැයි වාර්තාවේ.

උපුටා ගැනීම [ theleader.lk]

Search