''ආණ්ඩුව යන ගමන සුබවාදී නැහැ'' - පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් චෝදනා

''ආණ්ඩුව යන ගමන සුබවාදී නැහැ'' - පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් චෝදනා

ඇතැම් සිදුවීම් හරහා පෙනී යන ආකාරයට රට යන ගමන් මග එතරම් සුබදායක නැතැයි කෝට්ටේ ශ්‍රී කල්‍යානී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, ජන්ම භූමි නව නිදහස් ව්‍යාපාරයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

''කොහේද අපේ රටේ ආරක්‍ෂාව ගැන, අපේ උරුමය ගැන, අපේ කම ගැන කතා කරන්නේ, බුද්ධාගමේ ආරක්ෂාව පිළිබඳව අනෙකුත් ආගම්වල ආරක්ෂා පිළිබඳව කොහෙද කතා කරන්නේ, ජාතික සමඟිය පිළිබඳ කොහෙද කතා කරන්නේ, කොන්දේසි විරහිතව අපි එබඳු තැන්වලට පැමිණෙන්නට අපි තීරණය කරලා තියෙනවා. අපිට දැනිච්ච දෙයක් තියෙනවා. දැනිච්ච දේ තමයි මේ යන ගමන හොඳ නෑ කියන එක. මේ ගමන හොඳ නෑ.

වර්තමාන දේශපාලඥයන්, ජනාධිපතිතුමා ඇතුළු බොහෝ දෙනෙකු වැරදි මතවාද තුළ පිහිටෙමින් අපේ රට අවුල් කරන්න කතා කරනවා. පහුගිය දවසක අපේ රටේ ජනාධිපතිතුමා උතුරට ගිහිල්ලා ප්‍රකාශ කළා උතුරට එන්නේ බෞද්ධයෝ ද්වේෂය අවුස්සන්න, ක්‍රෝධය අවුස්සන්න, වෛරය පතුරවන්න එහෙම එකක් තියෙනවද? අපි වන්දනාවේ යනවා කියන්නේ සිල් ගන්න යනවා කියන්නේ අපි මේ අද ඊයේ දෙයක් නෙමෙයි. අපේ රටේ අවුරුදු 2500 ඉඳලා තිබිච්ච දෙයක්. අපි වන්දනාවේ යනවා අනුරාධපුරෙන් පාස් කරන උතුරට යනවා නෙවෙයි අනුරාධපුරෙත් වැඳලා තමයි උතුරට යන්නේ.''

යනුවෙන්ද උන්වහන්සේ පැවසූහ.

 

 

Search