සාක්ෂි නැති නඩු ගැන නීතිපති කාර්යාලයෙන් විශේෂ විමර්ශනයක්!

සාක්ෂි නැති නඩු ගැන නීතිපති කාර්යාලයෙන් විශේෂ විමර්ශනයක්!

ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු විමර්ශන ආයතන ගණනාවකින් නීතිපතිවරයාට ලැබුණු, විධිමත් සාක්ෂි නොමැති විමර්ශනවලට අදාළ ලේඛනයක් සකස් කර ආණ්ඩුවේ වගකිවයුතු අංශ වෙත ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව දැනගන්නට තිබේ.


මෙලෙස විධිමත් සාක්ෂි නොමැතිව නඩුවලට අදාළ ලේඛන ඉදිරිපත් කිරීමෙන් නීතිපති දෙපාර්තමේන්තුව අපහසුතාවට පත්වන අතර, දෙපාර්තමේන්තුව අදාළ නඩු සම්බන්ධව පියවර නොගන්නා බවට චෝදනා එල්ල වේ.

එබැවින් මෙලෙස විධිමත් සාක්ෂි රහිතව ඉදිරිපත් වන පැමිණිලි සම්බන්ධව අධිකරණ අමාත්‍යවරයා ප්‍රමුඛ වගකිවයුත්තන් දැනුවත් කිරීමට නීතිපතිවරයා තීන්දු කර ඇති බව සඳහන්ය.

පසුගියදා රනිල් වික්‍රමසිංහ සම්බන්ධව සිදු කරන නඩු විභාගයේදී මහේස්ත්‍රාත්වරයා විමර්ශන අංශවලින් ප්‍රශ්න කර සිටියේ, හිටපු ජනාධිපතිවරයා ගියායැයි කියන බ්‍රිතාන්‍ය සරසවියෙන් සාක්ෂි සටහන් කරගත්තේ නැද්ද යන්නය.

ආකාරයේ සාක්ෂිවලට අදාළ ප්‍රශ්න පවතින නඩු රාශියක්ම පවත්වාගෙන යාම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවට බරපතළ ගැටලු ඇති වී තිබෙන බැවින් මෙම වාර්තාව සකස් කරන බව නීති අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

(lankalokaya |
රන්ජිත් ආනන්ද ජයසිංහ)

[theleader.lk] 

Search