නොනිල ඡන්ද ප්‍රතිඵලයේ පොහොට්ටුව ඉදිරියෙන්

 කලක් තිස්සේ මුලු රටම අවදානයෙන් බලා සිටි පළාත් පාලන මැතිවරණය අද දින (10) පැවැත්වුණා. අද උදෑසන 7 සිට පස්වරු 4 දක්වා දිවයින පුරාම පැවැත්වුණු මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වන විට සිදු වෙමින් පවතිනවා.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසන් සභාවෙන් මෙතෙක් නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් නොකරද , නිල නොවන ඡන්ද ප්‍රතිඵල සමාජජාලා වෙබ් අඩවි ඔස්සේ මේ වන විටත් ප්‍රචාරනය වෙමින් පවතිනවා.


ඒ අනුව සමාජජාලා ඔස්සේ පැතිරෙමින් පවතින නොනිල ඡන්ද ප්‍රතිඵල අනුව පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ඉදිරියෙන් පසුවන ස්වභාවයක් දැක ගත හැකි වීම විශේෂත්වයකි.