කාන්තා කොමිසම පිළිබඳ ප්‍රශ්න කරද්දි ආණ්ඩුවෙන් විපක්ෂ නායකවරයාට බාධා

කාන්තා කොමිසම පිළිබඳ ප්‍රශ්න කරද්දි ආණ්ඩුවෙන් විපක්ෂ නායකවරයාට බාධා

කාන්තාවන් පිළිබද ජාතික කොමිෂන් සභාව ගැසට් කර නොමැති බවට කාන්තා කටයුතු අමාත්‍යවරිය පැවසුව ද එය ගැසට් කර තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරන විට ආණ්ඩු පක්ෂයෙන් බාධා ඒල්ල කර ඇතැයි වාර්තා වේ.

මේ ආකාරයට බාධා එල්ල කර ඇත්තේ විපක්ෂ නායකවරයා අද (18) පාර්ලිමේන්තුවේ දී කාන්තා කොමිසමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අවස්ථාවේ දී ය.

බාධා නොතකමින් විපක්ෂනායකවරයා සිය අදහස් පළ කර ඇත.

 

කාන්තා කටයුතු අමාත්‍යවරිය බොරු කියනවා

''කාන්තාවන් පිළිබද ජාතික කොමිෂන් සභාව ගැසට් කර නොමැති බවට කාන්තා කටයුතු අමාත්‍යවරිය පවසනවා; නමුත්  එය ගැසට් කර තිබෙනවා. ඊට අදාළ ලිඛිත පිටපත තමා සභාගත කරනවා. 2025 මැයි මුදල් වෙන් කිරීම සිදු වන විට කාන්තා කොමිෂම ස්ථාපිත නොවූ බවත් එය ස්ථාපිත වූයේ සැප්තැම්බර් මාසයේ යනුවෙන් අමාත්‍යවරිය පවසනවා. සැප්තැම්බර් මාසයේ මේ කාන්තා කොමිෂම නිර්මාණය වුවත් පරිපූරක ඇස්තමේන්තුවක් හරහා මේ වෙනුවෙන් මුදල් වෙන් කිරීමට රජයට හැකියාව තිබෙනවා. නමුත් එය ද සිදු වෙලා නැහැ. මන්ත්‍රීවරියන් ගේ සාමාජිකයකත්වයෙන් යුත් කාන්තා සංසදයෙන් මන්ත්‍රීවරියන් දෙපළක් මේ කාන්තා කොමිෂන් සභාව වෙනුවෙන් පත් කරේ 2025 ජනවාරි මාසසෙ. එවැනි පත්කිරීමක් සිදු කර පෙබරවාරි මාසයේ ජිනිවාවල තිබූ කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීම ප්‍රතික්ෂේප කරන ප්‍රඥප්තිය කෙන්ද්‍ර කර ගත් ජාත්‍යන්තර සාකච්ඡාවේ දී රජය ම මේ කාන්තා කොමිෂම ක්‍රියාත්මක කරන්න සියලු කටයුතු සූදානම් යැයි පවසනවා.

 

මෙය දේශපාලන පත්වීමක් නොවේ

විධායන නිලධාරීවරියක් මේ සදහා පත් කර ඇති බව පැවසුවත් මේ පත් කිරීම සිදු කළ යුත්තේ කාන්තා කොමිසමේ අය සහ සභාපතිවරිය විසින් සිදු කළ යුතු දෙයක්. මෙය දේශපාලන පත්වීමක් නෙවෙයි. මෙවැනි තත්ත්වයක් තිබිය දී මෙවැනි වැරදි දේවල් ප්‍රකාශ කළ නොහැකි යි. මෙය ගැසට් කර නැහැ කිව්වට එය ගැසට් කර තිබෙනවා.''

 

 

Search