පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සම​ක්

පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සම​ක්

සාධාරණ පරීක්ෂණයකින් තොරව තමා වැඩ තහනමකට ලක්කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

එම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කතානායකවරයා, පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය බිමල් රත්නායක ඇතුළු 14 දෙනකු නම් කර ඇත.

ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්නගේ ​පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් මත ඉකුත් ජනවාරි 23වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මේ වනවිට වැඩතහනමකට ලක්ව සිටියි.

ඔහු 2023 සැප්තැම්බර් 15දා සිට මෙම ධුරයේ රාජකාරි කරනු ලැබීය.

 

Search